ශ්‍රීලනිපය ලකුණ මාරු කරයි! අලුත් සන්ධානයක් හදයි – පොහොට්ටු ප්‍රබලයින් එක්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවත් පක්‍ෂ රැසක් සමඟ එක්ව ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් ‘පහන’ ලකුණ යටතේ මෙවර පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමට සාකච්ඡා කර ඇතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, විජය ධරණී ජාතික සභාව, යුතුකම සංවාද කවය ආදී පක්‍ෂ රැසකින් යුත් විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරණ ‘උත්තර ලංකා සභාගය’, ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ මෙන්ම තවත් කණ්ඩායම් රැසක් හා එක්ව ‘ජනතා නිදහස් සන්ධානය’ යටතේ තරඟ කරන බව ද ඔහු සඳහන් කළා.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය උතුරු, නැගෙනහිර පළාත් සඳහා අත ලකුණ යටතේ වෙනම තරඟ කිරීමට නියමිත බව ද වාර්තා වේ.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය උතුරු, නැගෙනහිර පළාත් සඳහා අත ලකුණ යටතේ වෙනම තරඟ කිරීමට නියමිත බව ද වාර්තා වේ.
ශ්‍රීලනිපය ලකුණ මාරු කරයි! අලුත් සන්ධානයක් හදයි – පොහොට්ටු ප්‍රබලයින් එක්වෙයි
2023-01-09T11:13:00+05:30
Lanka Hot News