gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකා සජිත්ව දණ ගස්සයි - කැලණියේ නාමයෝජනා අවුලක්!

පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ කැලණිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා ලයිස්තුව සකස් කිරීමේදී සජබ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු කපා දමා ඇතැයි වාර්තා වේ. මෙසේ කපා දමා ඇති අය අතර කැලණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාව සිටි විපුල පීරිස් මහතා ද ඇතැයි පැවසේ. 
විපුල මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අතර ඇති කෝන්තරයක් ඊට හේතුවී ඇති බව සජබ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙසේ කැලණිය විපක්ෂ නායකවරයාට නාමයෝජනා ලබාදී නැත්තේ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය හිටපු මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ලබාදීමට ඒකමතිකව තීන්දු කර තිබියදීය.

මේ ගැටුම සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂ රාජකරුණා, කබීර් හෂීම් මෙන්ම බොහෝදෙනෙකු දන්නා බවද පැවසේ.

එසේම ලැබෙන ආරංචි මාර්ග අනුව පීරිස් මහතාගේ නම ලයිස්තුවට ඇතුළත් කිරීමට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ද අනුමැතිය ලැබුණු පසුව ෆොන්සේකා මහතා පීරිස් මහතාගේ නම ලයිස්තුවට එක්කරන්නේ නම් තමා සජබයෙන් ඉවත්වන බවට නායක සජිත්ට තර්ජනය කර අදාළ නම ඉවත්කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ. 

- srilankamirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka