gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

“හෙලිකොප්ටරය උඩ නග්ගනකොටම බිම වැටුණා” – රෝහිතගෙන් සරදමක්!

හෙලිකොප්ටරය උඩ නග්ගනකොටම බිම වැටුණා. දැන් ඒකෙ තටු කැඩිලා යනුවෙන් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (20) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඉදිරි  පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සදහා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා භාර දීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්. 
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසුවා.

“හෙලිකොප්ටරය උඩ නග්ගන්න සූදානම්  වෙනකොටම අසුබවාදී දේවල් ගොඩක් උනා. දැන් ඒගොල්ලො උඩ නග්ගනවට වඩා බිමට බස්සනවා අපේක්ෂකයෝ සොයන්න. ඕනම පක්ෂයක ආගමක නායකයෙක් ඉන්නවා. ඒත් මේකෙ නායකත්ව මණ්ඩලයක් තියෙන්නේ. ඒකෙ තිස් දෙනෙක් ඉන්නවා.ඒ නිසා ඉදිරියේදී බලාගන්න පුළුවන් තිස් දෙනෙක් තීන්දු ගන්නකොට මොනවා වෙනවද කියලා. ඒ නිසා හෙළිකොප්ටරේ ට වඩා හොඳ සළකුණ තමයි පිළිහුඩුවා. මොකද පිළිහුඩුවා උඩ යනවා ගොදුරක් දැක්ක ගමන් ආයෙ පල්ලෙහට එනවා.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳ පක්ෂයක්. ඒත් දැන් මේක කොහෙට ඇදගෙන යනවද දන්නේ නෑ. අපිට ඒ ගැන කණගාටුයි. කොයි වෙලාවක හරි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව බිත්තියට තියලා ඇණ ගහනවා.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka