අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ වැඩතහනමට ලක් වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ මෝටර් රථයකට පොලිස් කොස්තාපල්වරයකු අතින් වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ශානි අබේසේකර මහතාගේ නිවසේ නතර කර තිබු මෝටර් රථයට එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ අතින් ඉකුත් (17) දින මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිස් ආරචි මාර්ග පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ ශානි අබේසේකර මහතා නිවසේ සිට නොමැති අතර, කොස්තාපල්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා දැනුවත් කර නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ශානි අබේසේකර මහතා සිය මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමට යාමේ දී එහි ඉන්දන කාන්දුවක් ඇති බවට හදුනාගෙන වාහන අලුත්වැඩියා කරන ස්ථානයකට ගොස් පරීක්ෂා කිරීමේ දී වාහන ඉන්ධන වැංකිය අසල වෙඩි සිදුරක් හදුනාගෙන ඇති අතර, එය ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අනාවරණය කරගෙන ඇත.
පසුව සිදුකළ සොයා බැලීමේ දී නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු අතින් සිදුව ඇති බවට තොරතුරු හෙළි කරගෙන ඇත.
එම කරුණු අනුව එම කාලය තුළ ශානි අබේසේකර මහතා සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි රංජන සමරසිංහ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අදාල කොස්තාපල්වරයාගෙන් ඇතුලු එහි ආරක්ෂාවට යොදවා සිටින පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මෙම සිද්ධිය අත්වැරදීමකින් සිදු වු බවට අදාල පොලිස් කොස්තාපල්වරයා ප්‍රශ්න කිරීම හමුවේ ප්‍රකාශ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධියේ විමර්ශන බොරැල්ල පොලිසියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ශානි අබේසේකර මහතා ට එල්ල වී ඇති ජීවිත තර්ජනය හේතුවෙන් ඔහුට අවි සහිත පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.