gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සේපාල් අමරසිංහ රක්ෂිත බන්ධනාගාරයට!

දළදා මාළිගාව පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශක් කිරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ ඔහු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධව සේපාල් අමරසිිංහ ඊයේ බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

ඔහු බෞද්ධයින්ගේ මුදුන්මලකඩ ලෙස සැලකෙන දළදා වහන්සේට අපහාස කළ බවත් ඉන් බරපතල සිත් තැවුලට බෞද්ධයින් පත් වී ඇති බවත් අධිකරණ ඇමතිවරයා ඊයේ පාර්ලලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කළේය.

සේපාල් අමරසිංහ අත්අඩංගුවට ගත හැකි නීතිමය පසුබිම සම්බන්ධව ද ඔහු කතා කළේය. පාර්ලිමේන්තුවේ බොහෝ දෙනා සේපාල්ගේ ප්‍රකාශය හෙළා දකිමින් ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හෝ අත්අඩංගුවට ගත යුතු බව කීවේය.

මල්වතු අස්ගිරි නා හිමිවරු ද මේ ප්‍රකාශය සම්බන්ධව විධිමත් පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලූ බව වාර්තා විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka