සේපාලට බන්ධනාගාරය ඇතුළේ දී පහර දෙති!
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහට බන්ධනාගාර නිළධාරීන් පිරිසක් හා සැකකරුවන් පිරිසක් පහර දුන් බවට පැමිණිලි කර ඇත.
බන්ධනාගාරයේ සිටින සේපාල් අමරසිංහට එතුළදී හිංසා සිදු වුණ බවට ඔහුගේ ඥාතීන් පිරිසක් විසින් කර ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.
ඔහුට පහරදීමක් සිදුවී ඇත්තේ දැයි ද පරීක්ෂණ කිරීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමුකර ඇතත් එවන් පහරදීමක් සිදුව නොමැති බව වෛද්‍ය වාර්තාවල සඳහන්ව ඇතැයිද වාර්තා වෙයි.
දළදා වහන්සේට අපහාස කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුව ගත් ඔහු එළඹෙන දහ වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කරන ලදී.
සේපාලට බන්ධනාගාරය ඇතුළේ දී පහර දෙති!
2023-01-09T12:56:00+05:30
Lanka Hot News






