රනිල් වික්‍රමසිංහ කියන්නෙ අරගලයට ගහන්න අපි පාවිච්කළ බෝම්බයක් වගේ ටූල් එකක් – සනත් නිශාන්ත
රනිල් වික්‍රමසිංහ යනු ජනතා අරගලයට පහර දී විනාශ කිරීම සඳහා පොහොට්ටුව විසින් ගෙනා ටූල් එකක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.
බෝම්බයක් තුවක්කුවක් ලඟ තබා ගන්නේ මල් පූජා කිරීමට නොව, අවශ්‍ය වෙලාවට පාවිච්චි කිරීමට බවත් රනිල් වික්‍රමසිංහ අරගලයට පහර දී විනාශ කිරීමට ඔවුන් යොදාගත් ටූල් එක බවත් සනත් නිශාන්ත පැවසුවේය.
ඔහු මේ බව පවසන්නේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඉරාජ් වීරරත්න සමග යූ ටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.
ජනතාව විසින් තමන්ට ලබා දුන් බලය පාර්ලිමේන්තුව තුළදී ප්‍රායෝගික කරමින් ව්‍යවස්ථාවට එකඟව රනිල් වික්‍රමසිංහ ගෙනාවේ ජනතා අරගලයට පහර දීමට බව ඔහු කීවේ මෙසේය.
“ ජනාධිපති රනිල් වික්‍රමසිංහව පත් කළේ ඔයාල ද?
“ ඔව්… අපි පත් කලේ…. වැඩේටනෙ ගෙනාවෙ.“
“ මොකක් ද වැඩේ…“
“ අරගල කාරයින්ට ගහන්න..“
“ ඔයාල මාරයිනේ… උන්ට ගහන්නද ගෙනාවෙ. “
“අනිවාර්යයෙන්. “
“ මුලින්ම ඔයාල බැඳුම්කර හොරු කියලා කිව්වා. ඒත් අරගල කාරයින්ට ගහන්න ඕන හින්දම ගෙනාව. එතකොට රට විනාශ වුනාට කමක් නෑ.“
“ ඔයා තුවක්කුවක් බෝම්බයක් ආදරෙන් අතගගා තියන් ඉන්නව ද?. හදිස්සියකට ඕන වෙද්දි පත්තු කරන්න තමයි ඒක තියාගෙන ඉන්නෙ. තුවක්කුව බෝම්බය කියන්නෙ වැඩේට අවශ්‍ය කරන ටූල් එකක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නෙත් ඒ වැඩේට අවශ්‍ය කරන ටූල් එකක්. ඒක අපි පාවිච්චි කළා.
“ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා තියනවා. ඒ සම්බන්දව, ගෝත්‍රිකයින්ට සලකපු විදිහ සම්බන්ධව මට එතුමා කෙරෙහි විශේෂ ගෞරවයක් තියනවා. “

2023-01-02T22:03:00+05:30
Lanka Hot News