තමන් ක්‍රීඩාවන් කිහිපයක් සඳහා ඕල් රවුන්ඩර් කෙනෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ක්‍රිකට්, පාපන්දු, ඇමරිකන් පුට්බෝල්, බාස්කට් බෝල් ආදී ක්‍රීඩා තමන්ට ක්‍රීඩා කළ හැකි බවද හෙතෙම කියා සිටියි.
ක්‍රිකට්, පාපන්දු, ඇමරිකන් පුට්බෝල්, බාස්කට් බෝල් ආදී ක්‍රීඩා තමන්ට ක්‍රීඩා කළ හැකි බවද හෙතෙම කියා සිටියි.
තමන් යම් අධ්‍යාපනයක් ලබා ඇති බවද පැවසූ ඔහු ලෝකේ ඕනෑම නායකයෙක් සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කර ඔහුගේ හිත නම්මාගෙන අපේ රටට සම්පත් ලබා ගැනීමේ හැකියාව ද තමන්ට ඇතැයි ද පැවසීය.
අපේ රටට අවශ්‍ය ඩොලර් ගෙන ඒමේ වැඩපිළිවෙල තමන් සතු බවද පැවසූ ඔහු ඒ සඳහා අවස්ථාව දෙන්නේදැයි ජනතාව තීන්දු කල යුතු බවද කියා සිටියේය.
සමගි ජන බලවේගයේ ආසන බලමන්ඩලයක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.
