කිසිම දේශපාලඥයෙක්ට ගුණකථන නෑ! රෙජිනෝල්ඩ් ලියලා රෙජිනෝල්ඩ්ම කියපු සිංදුවක් අහගෙනම රෙජිනෝල්ඩ් අවසන් ගමන් යයි! (VIDEO)
හිටපු බස්නාහිර පළාත් මහ ඇමති, හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර සහ හිටපු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ කලුතර බෝඹුවල දී සිදු කරන ලදී.
ඊට පැමිණ සිටි පක්ෂ විපක්ෂ කිසිම දේශපාලනඥයකුට ගුණ කතන පැවැත්වීමට අවසර ලබානුදුන් අතර වැඩම කළ මහා සංඝරත්නයට පමණක් ආගමික වතාවත්වලින් අනතුරුව ගුණ කතා පැවැත්වීමට කාලය වෙන් කර තිබි.
අනතුරුව රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් ලියන ලද ඔහු විසින් ගායනා කරන ලද ගීතයක් ඔහු මියයන්නට පෙර කළ ඉල්ලීමක් ඉටුකරමින් ආදාහන උත්සව සංවිධාන කමිටුව විසින් වාදනය කිරීම සිදු කළ අතර බොහෝ දෙනෙක් එම ගීතය අසා සංවේදී වූහ.
අනතුරුව රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් ලියන ලද ඔහු විසින් ගායනා කරන ලද ගීතයක් ඔහු මියයන්නට පෙර කළ ඉල්ලීමක් ඉටුකරමින් ආදාහන උත්සව සංවිධාන කමිටුව විසින් වාදනය කිරීම සිදු කළ අතර බොහෝ දෙනෙක් එම ගීතය අසා සංවේදී වූහ.
කිසිම දේශපාලඥයෙක්ට ගුණකථන නෑ! රෙජිනෝල්ඩ් ලියලා රෙජිනෝල්ඩ්ම කියපු සිංදුවක් අහගෙනම රෙජිනෝල්ඩ් අවසන් ගමන් යයි! (VIDEO)
2023-01-17T21:13:00+05:30
Lanka Hot News