පළාත් පාලන මැතිවරණය පිළිබඳව කටයුතු කිරීමේදී විභාග පැවැත්වීම කෙරෙහි බලපාන බැවින් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා ගත්තේද යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගෙන් විමසා ඇතැයි වාර්තා වෙන බව ඩේලි මිරර් වෙබ් අඩවිය සදහන් කරයි.
මැතිවරණ කොමිමේ සාමාජිකයන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මේ පිළිබඳව විමසා ඇති අතර මේ අවස්ථාවට නීතිපතිවරයාද සහභාගීව සිට ඇත.
එහිදී ජනාධිපතිවරයා මේ බව විමසූ අතර පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු අංශවලින් උපදෙස් ලබා ගත්තේ දැයි වැඩිදුරටත් විමසා ඇත.
කොමිසමේ සාමාජිකයන් පස් දෙනාගෙන් හතර දෙනෙක් රැස්වීමට පැමිණ සිටියහ.
මැතිවරණ ප්‍රකාශයට පත්කිරීමේදී කොමිසමේ සාමාජිකයන් අතර බෙදීමක් සිදුව ඇත්දැයි ජනාධිපතිවරයා ඔවුන්ගෙන් විමසා ඇත.
ඒ සඳහා නාමයෝජනා කැඳවමින් මැතිවරණ පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසම දැනටමත් අවධානය යොමු කර තිබේ.
මෙහිදී අදහස් පළ කළ කොමිසමේ සමාජිකයින් පැවසුවේ
“මැතිවරණයට රුපියල් කෝටි 1000ක් වැය වෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට ද ගොස් තිබෙනවා.“
“අනික, නාමයෝජනා බාරගත්තට පස්සෙත් මැතිවරණ කල් දාන්න ආණ්ඩුව අලුත් නීති සම්පාදනය කරයිද කියලා විපක්ෂයේ සමහර පක්ෂ බයයි.” යනුවෙනි.
