ශ්‍රී ලංකන් – සිපෙටිකෝ පාඩු ලබද්දී බෝනස් ගෙව්වෙ කොහොමද ?… වාර්තාවක් කැඳවන්නැයි ජනපති නියෝග කරයි!
ආයතන දෙකම පාඩු ලබන මොහොතක ප්‍රසාද දීමනා ගෙවීම පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරුන්ට නියෝග කර ඇත.
ජනාධිපතිවරයා ඉහත ආයතන දෙකේ සභාපතිවරුන්ට උක්ත නියෝගය කර ඇත්තේ රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවූ බවට ලැබුනු වාර්තාවක් පදනම් කරගනිමිනි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ණය අන්තර්ගත නොවූ වාර්තාවක් මගින් ආයතනය ලාබ ලබල බව පෙන්වා මාස දෙකක වැටුප් එහි සේවකයන් වෙත ප්‍රසාද දීමනා ලෙස ගෙවා ඇති බවත් ඇතැම් නිලධාරීන් ලක්ෂ පහක වැටුපක් ලබා ගන්නා අතර ඔවුන් රුපියල් මිලියනක ප්‍රසාද දීමනාවක් ලබාගෙන ඇති බවත් හෙළි වී ඇත. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයක් 4200ක් වෙති.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සේවකයින් පන් දහස් අටසීයක් සේවය කරන අතර එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රසාද දීමනා (බෝනස්) ලෙස ගෙවා ඇතැයි ද ඒ සඳහා කෝටි 58ක් වැය කර ඇතැයි ද ජනාධිපති වෙත බාර දුන් වාර්තාවේ දක්වා ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සේවකයින් පන් දහස් අටසීයක් සේවය කරන අතර එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රසාද දීමනා (බෝනස්) ලෙස ගෙවා ඇතැයි ද ඒ සඳහා කෝටි 58ක් වැය කර ඇතැයි ද ජනාධිපති වෙත බාර දුන් වාර්තාවේ දක්වා ඇත.
ශ්‍රී ලංකන් – සිපෙටිකෝ පාඩු ලබද්දී බෝනස් ගෙව්වෙ කොහොමද ?… වාර්තාවක් කැඳවන්නැයි ජනපති නියෝග කරයි!
2023-01-03T22:08:00+05:30
Lanka Hot News