නොරොච්චෝලට ගල් අගුරු රී-ලෝඩ් ක‍්‍රමයට... නැවු ගන්න සල්ලි නෑ!
විදුලි උත්පාදනයට අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ජනවාරු පෙබරවාරි මාස දෙක සඳහා රුපියල් බිලියන හැත්තෑවක් අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා සඳහන් කරයි.
ඒ සඳහා අවශ්‍ය මුදල් ලංකා විදුලිබල මණ්ඩලයට නැති බවත් එම මුදල බැංකු ණයක් ලෙස ලබා ගැනීමට නම් විදුලි ගාස්තු අනිවාර්යෙන්ම ඉහළ දැමිය යුතු බවත් ඔහු පැවසීය.
මෙම මාසය සහ එළඹෙන මාසයට අවශ්‍ය ගල් අඟුරු නෞකා 12ක් ගැනීමට සැලසුම් කර ඇති බවත් එම තොගය ගෙන්වා ගැනීමට නොහැකි වූවොත් විදුලි සැපයුම දැඩි අර්බුදයකට පත් වන බවත් සභාපතිවරයා කියා සිටී.
විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට මුදල් නැති කම නිසා මේ වන විටත් මන්ඩලය අර්බුදයකට පත්ව සිටින බවත් එනිසා විදුලි ගාස්තු ඉහළ නොදැමුවහොත් තත්වය බරපතළ වන බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.
ඇණැවුම් කරන ගල් අගුරු නැවු පැමිණියද මුදල් ගෙවන තෙක් ගොඩබෑම් නොකරන බවද පැවසූ ඔහු තෙල් සංස්ථාව ද මුදල් ගෙව්වොත් පමණක් ඉන්ධන ලබා දෙන්නේ ඇයි දැනුම් දී ඇති බවද පැවසීය.
නොරොච්චෝලට ගල් අගුරු රී-ලෝඩ් ක‍්‍රමයට... නැවු ගන්න සල්ලි නෑ!
2023-01-13T12:37:00+05:30
Lanka Hot News






