තමන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අවධාරණය කර තිබෙනවා.
ඔහු කියා සිටියේ, පළවන මේ අසත්‍ය තොරතුරුවලට පිළිතුරුදීමට කාලය වැය කිරීම පවා අර්ථයක් නොමැති දෙයක් බවයි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ජාතික මැතිවරණ කොමිසම සම්පාදනය කරමින් සිටින බව ද පුංචිහේවා මහතා ප්‍රකාශ කළා.
මේ අතර කොමිසමේ සාමාජිකයෙකු ඉවත් වීම පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක් නොවන බව ද නිමල් පුංචිහේවා මහතා පැවසුවා.
ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව කියා සිටියේ, පී.එස්.එම්. චාල්ස් මහත්මිය කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.
ඔහු කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට නිල දැනුම්දීමක් කර නොමැති බවයි.
කෙසේවෙතත් එක් සාමාජිකයෙකුගේ ඉවත්වීම කොමිසම රැස්වීමට අවශ්‍ය ඝන පූර්ණයට බාධාවක් නොවන බව ද නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළා.