gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ගෝඨා ගිහින් රනිල් ආවත් මානව හිමිකම් වාර්තාවේ කිසිම දියුණුවක් වෙලා නෑ! රනිල් උත්තර දීලා තියෙන්නෙත් මර්දනයෙන්! ජාත්‍යන්තර හියුමන් රයිට්ස් වොච් ආයතනය 2023 අලුත්ම වාර්තාව එළියට දමයි!

2022 දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් වෙනස් වුවද රටේ මානව හිමිකම් වාර්තාවේ කිසිදු දියුණුවක් සිදුව නොමැති බව හියුමන් රයිට්ස් වොච් ආයතනය සිය 2023 වාර්තාව එළිදක්වමින් අද ප්‍රකාශ කළේය. 
වසර 2022 තුළ ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් පාරට බැස්සේ වසර ගණනාවක වැරදි පාලනය, බරපතළ ආර්ථික අර්බූදය, දූෂණය නීතියේ ආධිපත්‍යය යටපත් කොට තිබීම ආදී කාරණා මුල්කරගෙනය.

බරපතල අයිතීන් කඩකිරීම් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් චෝදනා ලැබ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි මාසයේදී සිය ධුරයෙන් ඉවත් විය. කෙසේ වෙතත්, නව ජනාධිපති, රනිල් වික්‍රමසිංහ, බොහෝ දුරට සාමකාමී විරෝධතා මැඩපැවැත්වීමටත්, ක්‍රියාකාරීන් සිරගත කිරීමටත්, අතීත කඩකිරීම් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා කළ ඉල්ලීම් නොසලකා හැරිමටත් කටයුතු කොට ඇති බව එහි සදහන්ය.

හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි පැවසුවේ “ප්‍රතිසංස්කරණ සහ වගවීම සඳහා වූ ඉල්ලීම්වලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිචාර දැක්වූයේ මර්දනයෙනි යනුවෙනි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka