gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන නාඩගම්කාරයෝ යාපනයේ රඟති...

ලංකාවේ බොහෝ විට ජාතිවාදය හෝ වෙනයම් ගැටළුවකට ප්‍රධාන සාධකය වෙන්නේ විදෙස් අතපෙවීම් කිව්වොත් නිවැරදි ය. මන්ද අතීතේ ඉඳලාම අපේ රටේ විවිධ ජන වර්ග ජීවත් විය. නමුත් කාලෙන් කාලෙට එක එක රටවල් වලින් ආපු ආක්‍රමණිකයින් හේතුවෙන් අපේ රට තුළ විවිධාකාරයේ ප්‍රශ්න උද්ගත විය. ඒකට ඉතිහිසයේ උදාහරණත් ඕනෑතරම් ති⁣බේ. ආසන්නම කාලයේ අපේ රටේ තිබුණ LTTE ගැටලුව මේකට හොඳම උදාහරණයකි. LTTE ගැටලුවකට ලංකාවේ දේශපාලඥයිනුත් මේකට හවුල් විණි. ද්‍රවිඩ දේශපාලකයින් බිහි⁣ වුණත් ඔවුන් පවා බෝහෝ අවස්ථා වලදී සිදු කලේ සිංහල සහ දෙමළ ජන කොට්ඨාස අතර ගැටලු ඇති කිරීමයි.

ඉන්දියාව ගත් විට දකුණු ඉන්දියානු ජන කොට්ඨාස වලට උතුරු ඉන්දියාවේ පිළිගැනීමක් නොලැබෙන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. ඉන්දියාවේ පවතින දරුණු කුළ බේදය සහ පන්ති බේදය මෙයට හේතුවයි. උතුරු ඉන්දියාව තුළ දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ජනකොටස් වලට ඉතා පහත් සැලකිල්ලක් දැක්වීම එරට තුළ බෙදීමක් සහ ජන වර්ගීකරණයක් ඇති කිරීමට හේතු විය. දකුණු ඉන්දියානු ජනකොටස් ඉන්දියාව තුල කොන් වීමට මෙම කුල බේදය සහ ජන වර්ගීකරණය මෙන්ම භාෂාවද විශාල ලෙස බලපානු ලැබීය. මේ හේතුව නිසාම දකුණු ඉන්දියානු ජනයා තමන්ටම කියා සංස්කෘතියක් නිර්මාණය කර ගත්හ. ඔවුන්ගේම දේශපාලකයින්, ඔවුන්ගේම සිනමාවක්, ඔවුන්ගේම නළු නිලියන් පිරිසක් බිහි කර ගත්හ.

දකුණු ඉන්දියානු ජන කොට්ඨාස වලට ඔවුන්ගේම රට තුල පිළිගැනීමක් නොලැබෙන නිසාවෙන් ඔවුන් බොහෝ සෙයින් විදෙස් රටවලට සංක්‍රමණය වීමට පටන් ගත්හ. කැනඩාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව ආදී බොහොමයක් රටවල උතුරු ඉන්දියානු ජන කොට්ඨාස වලට වඩා දකුණු ඉන්දියානු ජන කොට්ඨාස දැක ගැනීමට ලැබෙන්නේ ඒ නිසාවෙනි. නමුත් ඔවුන්ට එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රට වල බලය ලබා ගැනීමට නොහැකි නිසාවෙන් සහ මුදල් බලය නොමැති බොහෝ පිරිස් වලට සංක්‍රමණය වීමට පහසුම සහ බලය ලබා ගැනීමට පහසු රට ලෙස ඉලක්ක ගත වී ඇති ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමට  බොහෝ දක්ශිණ ඉන්දියානුවන් පෙළඹෙති.

ඒ නිසාම කලක පටන් දකුණු ඉන්දියානු දේශපාලඥයින්, ශ්‍රී ලංකාවේ දේශපාලනය ඇඟිලි ගැසීමට මහත් වෙහෙසක් දැරූහ. ශ්‍රී ලාංකේය ද්‍රවිඩ ජනයාගේ ඔලු වලට විෂබීජ පිරවීමට ඔවුන් දැඩි ලෙස වෙහෙසුනහ. ඉන්දියානු පාර්ලිමේන්තුවේ පවා කතාබහ කළහ.

13 වන ව්‍යවස්ථා සංශෝධනය පවා මෙම ඇඟිලි ගැසීම් වල ප්‍රතිඵලයක් බව පැවසීම නිවැරදිය. එමගින් උතුරු නැගෙනහිර වාසය කරන ද්‍රවිඩ ජනතාවට සහ වතුකරයේ ජනතාවට විශාල බලපෑමක් මෙමගින් සිදු විය.

ක්‍රිකට් තරඟයකදී පවා මෙරට බොහෝ ද්‍රවිඩ ජනකොටස් ලංකාව වෙනුවෙන් සහය දැක්වූ අවස්ථා බෙහෙවින්ම අඩුය. ඔවුන් බොහෝ අවස්ථා වලදී සහය දැක්වූයේ ඉන්දියානු කණ්ඩායමටය. එය මෙරට ද්‍රවිඩ ප්‍රජාවගේ වරදක් නොවේ. එයට ප්‍රධානම හේතුව වන්නේ ද්‍රවිඩ මාධ්‍ය වලින් ඔවුන් නිරන්තරයෙන්ම දකින ඉන්දීය චිත්‍රපටි,  ඉන්දීය ප්‍රවෘත්ති, සහ ඉන්දීය දේශපාලන ප්‍රතිපත්තීන්ය. ඉන්දීය දේශපාලකයින් ඔවුන්ගේ ඉන්දියානු දේශපාලන න්‍යායපත්‍රයන් වලින් ඔවුන්ගේ මානසිකත්වය සකසා ඇත්තේ එලෙසටය.

මෑත ඉතිමාසය තුළ වුවද උතුරු නැගෙනහිර ද්‍රවිඩ දේශපාලකයින් පවා මෙකී වර්ගවාදය තවතවත් උත්සන්න කිරීමට මහත් සේ උත්සාහ කළහ. සිංහල දෙමළ ඝට්ටනයක් ඇතිකිරීමට ඔවුන් මහත් උත්සහයක නිරත වෙති. ඒ ඔවුන්ගේ ඡන්ද පදනම තහවුරු කර ගැනීම පිණිසය. මෙම තත්වය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වටයට විශාල තර්ජනයක් බව තවත් පැහැදිලි කිරීමට අවශ්‍ය නැත.  

ලංකාව තුළ සිංහල දෙමළ සහයෝගිතාවයක් දැකගැනීමට ලැබේ නම් ඒ බොහෝවිට කොළඹ ආශ්‍රිත ප්‍රදේශ වල පමණි. මෙකී ද්‍රවිඩ දේශපාලකයින්ගේ බලපෑම වැඩි ප්‍රදේශ වල කිසිම අවස්ථාවක සිංහල දෙමළ සහයෝගිතාවයක් ඇතිකර ගැනීමට ඔවුන් ඉඩ නොදෙති. මෙතරම් කලක් මෙරට පැවති ගැටලුකාරී තත්වය එයයි.

මේ වන විට ⁣එම ගැටලුව තව තවත් ප්‍රසාරණය කරමින් තවත් තුන්වන පාර්ශ්වයක බලපෑම එල්ල වී තිබෙනවා. "ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ" තව එකෙක් ඇවිත් ඇවිලෙන ගිනනට පිදුරු දාන්න උත්සහ කරන බව බැලූ බැල්මට පෙනෙන්ට ⁣තිබේ.

පෙර කිසිම දිනක නොවූ ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මේ දිනවල වැඩි වශයෙන් උතුරු නැගෙනහිර සංචාරයේ යෙදෙමින් දේශපාලන නායකයින්, ආගමික නායකයින් සමග සාකච්ඡා පවත්වමින් තවත් කුමක් හෝ කුමන්ත්‍රණයක නිරත වෙමින් සිටියි.

ඉන්දියාව සහ චීනය යනු විරුද්ධ මත දරන රාජ්‍යන් ද්විතවයක් බව සියල්ලන්ම දන්නා කරුණක්. එසේ නම් චීනයේ මීළඟ උත්සහය ඉන්දියාවේ බලපෑම යටපත් කරමින් චීන අධිරාජ්‍යවාදී බලපෑමක් උතුරු නැගෙනහිර ජනතාව අතර ගොඩනැගීමටද, එසේත් නැතිනම් යුද්ධයකට ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඇමක් කර ගැනීමටද යන්න සැක මතු කරන කරුණකි.

එක් අතකට ඉන්දියානු බලපෑම නැති වූ විටක මෙරට සිංහල දෙමළ බෙදීම යම් තාක් දුරට හෝ අවම වේ යැයි සිතිය හැකි වුවද තවත් අතකට ඉඟුරු දී මිරිස් ගත්තා සේද විය හැක.  

මේ පිළිබඳව ජාත්‍යන්තරය පවා අවධානයෙන් සිටින බවට දැනුම් දී තිබෙන වකවානුවක ලාංකිකයින් වශයෙන් අප මේ පිළිබඳව තව තවත් අවධානයෙන් සිටිය යුතුය. චීන තානාපති කාර්යාලයේ නිල ට්විට්ටර් ගිණුම තුළ පවා චීන තානාපතිවරයාගේ මෙම සංචාර සහ හමු පිළිබඳව තොරතුරු රැසක් සඳහන් වන්නේ  තව තවත් ගැටලු මතු කරමිනි. විශේෂයෙන්ම මෙම ට්විට්ටර් ගිණුම මුල් කාලය තුළ මොවුන් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වාගෙන ගිය අතර පසු කාලෟනව එය සිංහලට පරිවර්තනය වීමට පටන් ගැණින. එසේම චීන Youtube නාලිකා පවත්වාගෙන යන අයවලුන් පවා සිංහලෙන් කතා කිරීම රැල්ලක් විය. නමුත් විශේෂ කාරණය වන්නේ මේ වන විට චීන තානාපති කාර්යාලය ද්‍රවිඩ භාෂාවෙන්ද සන්නිවේදනය කිරීමට පටන් ගෙන තිබීමයි. එක් වරම මෙම ට්විට්ටර් ගිණුමේ ද්‍රවිඩ භාෂාව සංසරණය වීමටත් විශේෂිත කරුණු කාරණා පවතින බවට නම් සැකයක් නැත.

යම්තාක් දුරට සිංහල ජනතාවගේ විරෝධයක් චීනයට එල්ල වෙමින් තිබෙන අවස්ථාවක දකුණු ඉන්දියානු සාම්ප්‍රදායික ආකලිප වලින් ඔලු පුරවා ගත් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනයාගේ ඔලු සේදීම පහසු යැයි චීනය සිතුවා විය හැක. මෙරට තුළ බලපෑමක් ඇති කළ හැකි තුරුම්පුව උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව බව චීනය සිතුවා විය හැක.

එසේ නොමැති නම්, මොවුන් මෙරට ගැටලුකාරී තැනක්ම ඉලක්ක කර ගන්නේ ඇයි?
ලංකාවේ තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමටම අවශ්‍ය නම් මොවුන්ට වෙනත් දේශපාලකයින් හමුවුනේ නැද්ද?

රටේ වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඕනෑ තරම් දේශපාලකයින්, ආගමික නායකයින් සිටියදීත් මෙවැනි ගැටලු පවතින ප්‍රදේශයක බෙදුම්කාරී තත්වයක් පවතින ප්‍රදේශයක නොඑසේනම් ජනතාව මානසිකව අවතැන්ව සිටින ප්‍රදේශයක සංචාරය කරමින් සාකච්ඡා පවත්වන්නේ ඇයිද යන්න උභතෝකෝටික ගැටළුවකි.

චීනය ඔවුන්ගේ වාසියකට මිසක වෙනත් කිසිඳු රටකට හිතකර ක්‍රියාකාලාපයක් ගෙන ගියේ යැයි ඉතිහාසයේ පවා සාක්ෂි නොමැත. එය ඉදිරියටත් එලෙස වේ යැයි විශ්වාස කිරීමද නිශ්ඵලය. එම නිසාම ශ්‍රී ලාංකිකයින් වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජන කොට්ඨාස වල ජනයා දැනුවත් වී සිටිය යුතුමය. විශේෂයෙන් මෙරට ද්‍රවිඩ සහෝදර ජනතාව මෙම යටිකූට්ටු කුමන්ත්‍රණය පිළිබඳව දැනුවත් විය යුතුය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka