ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වෙනවා! කතානායකවරයාගේ හැසිරීම අනුමත කරන්න බෑ! විපක්ෂය පළමු වතාවට ජාත්‍යන්තරයට පැමිණිලි කරන්න තීන්දු කරයි!
ඉතිහාසයේ කිසිදු කලෙක සිදු නොවූ පරිද්දෙන් විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තු කටයුතුවලට අත පෙවීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ පක්ෂපාතී හැසිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට විපක්ෂය තීන්දු කර තිබේ.
ඊයේ රාත්‍රී හමුවූ විපක්ෂයේ පක්ෂ නායකයන් මෙම තීන්දුවට එළඹ ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව අන්තර් පාර්ලිමේන්තු සංගමයටත්, පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංසදයටත් මේ පිළිදව පැමිණිලි කිරීමට තීන්දු කොට ඇති බව පැවසේ.
මැතිවරණ නියාමන පනත් කෙටුම්පත විපක්ෂයේ විරෝධය නොතකා සහ පෙර ලබා දී තිබූ පොරොන්දු කඩ කරමින් අද දින හදිසියේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂය පියවර ගෙන තිබීම මේ සදහා හේතු වී ඇත.
ඒ අනුව නීතීඥ කණ්ඩායමක් විසින් මේ වනවිට අදාළ ලිපිය සකස් කරමින් සිටින බවද දැනගන්නට තිබේ.
මීට පෙර ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ පිළිබදව කිසිදු අවස්ථාවක විපක්ෂය ජාත්‍යන්තරයට පැමිණිලි නොකළද මේ අවස්ථාවේදී ආණ්ඩුව සීමාව ඉක්මවමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් විපක්ෂය මෙම තීන්දුව ගෙන ඇති බවද වාර්තා වේ.
ඒ අනුව අන්තර් පාර්ලිමේන්තු සංගමයටත්, පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංසදයටත් මේ පිළිදව පැමිණිලි කිරීමට තීන්දු කොට ඇති බව පැවසේ.
මැතිවරණ නියාමන පනත් කෙටුම්පත විපක්ෂයේ විරෝධය නොතකා සහ පෙර ලබා දී තිබූ පොරොන්දු කඩ කරමින් අද දින හදිසියේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂය පියවර ගෙන තිබීම මේ සදහා හේතු වී ඇත.
ඒ අනුව නීතීඥ කණ්ඩායමක් විසින් මේ වනවිට අදාළ ලිපිය සකස් කරමින් සිටින බවද දැනගන්නට තිබේ.
මීට පෙර ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ පිළිබදව කිසිදු අවස්ථාවක විපක්ෂය ජාත්‍යන්තරයට පැමිණිලි නොකළද මේ අවස්ථාවේදී ආණ්ඩුව සීමාව ඉක්මවමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් විපක්ෂය මෙම තීන්දුව ගෙන ඇති බවද වාර්තා වේ.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වෙනවා! කතානායකවරයාගේ හැසිරීම අනුමත කරන්න බෑ! විපක්ෂය පළමු වතාවට ජාත්‍යන්තරයට පැමිණිලි කරන්න තීන්දු කරයි!
2023-01-19T11:27:00+05:30
Lanka Hot News