gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

69 ලක්ෂයට අද පාරට බහින්න බෑ… පොහොට්ටු අපේක්ෂකයන්ට පාරෙ යන්න බෑ - පොහොට්ටු මන්ත‍්‍රී

නිදහස් ජනතා පෙරමුණ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම 30 දින මහනුවර ශ්‍රී දළඳා මාළිගය වෙත ගොස් දළඳා වහන්සෙ වැඳපුදා ගෙන එළඹෙන පාළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් සිය මැතිවරණ මෙහෙයුම් කටයුතු හා ප්‍රචාරණ කටයුතු ඇරඹීය.

මෙම අවස්ථාවට නිදහස් ජනතා පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම. නීතිඥ උදයන කිරිඳිගොඩ මහතා, පළාත් පාලන ආයතන සඳහා තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන් රැසක්ද සහභාගී විය.

බැසිල් රාජපක්ෂ මහතා සිය පක්ෂයේ ප්‍රබල සංවිධාන ශක්තියක් තිබෙන බවට පසුගියදා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා කියා සිටියේ කාගේ සංවිධාන හයිය තිබුණත් අද හැට නව ලක්ෂයේ ජනතාවට අද පාරට බහින්න බැරි තත්වයට පත්කරලා තිබෙනවා, පොහොට්ටුවේ අපේක්ෂකයන්ට ඡන්දය ඉල්ලීමට ගමට යාමට නොහැකි තත්වයක් උදාවෙලා තිබෙනවා. ඒ නිසා පොහොට්ටුව යලි පුබුදුවාලීමට කියලා එකම රැවටීමට දස වතාවක් මේ රටේ ජනතාව හසු නොවන බව ඒ මහතා පැවසීය. කටින් බතල කොල හිටවන මිනිස්සු වෙනුවට සැබෑ ජනහිතකාමී තරුණ, ප්‍රවීණ කණ්ඩායමක් නිදහස් ජනතා පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති අතර එම කණ්ඩායමේ ජයග්‍රණයට නොමසුරු දායකත්වය ලබාදෙන ලෙසට එතුමා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙලන් ලබාදෙනවා කියන ඩොලර් බිලියන 2.9 ක මුදල ලබාගැනී වෙනුවෙන් කළ හැකි සියලු පාවාදීම් සහ කොන්දේසී වලින් මේ රටේ ජනතාව දණගැස්සවීමයි මේ ආණ්ඩුවේ අභිලාෂය. එහි තවත් එක් දිගුවක් තමයි විදුලි බිල වැඩි කිරීමේ ප්‍රයත්නය. මහජන ඡන්දයෙන් පැමිණි කාන්චනට විදුලිබිල සම්බන්ධයෙන් ඒකාධිපතියකු ලෙස කටයුතු කිරීමට ඉඩ නොදෙන අතර ඊට එරෙහිව සිදු කරන අරගලය පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් අපේ කණ්ඩායම සිදුකරනවා. මහනුවරින් පාර්ලිමේන්තුවට තේරී පත්වුනු මන්ත්‍රීවරු 8 දෙනාගෙන් දෙදෙනෙකු පමණයි හැට නව ලක්ෂයේ ජනවරම එක්ක හිටගත්තෙ. සියලු වරදාන වරප්‍රසාද පසෙකලා දුර්දාන්ත ආණ්ඩුව බිත්තියට හේත්තුකරපු දස දෙනාගේ කණ්ඩායම විදියට අපි තවදුරටත් මහනුවර ජනතාවට වගකියමින් කටයුතු කිරීමට සූදානම්. බවත් ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka