gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“නවත්වන්න එපා – මේ යකෝ අපි තනි තනියෙන් යන්නේ” – 69 ලක්ෂයේ පෙත්සම්කරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් (VIDEO)

අඛණ්ඩ විදුලි සැපයුමක් මේ වසරේ පවත්වාගෙන යාම සඳහා වූ ජනන සැලැස්මක් සකස කරමින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පසුගියදා ඉදිරිපත් කළ යෝජනාවට පාර්ශව රැසකගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. 
එවැනි වාතාවරණයක අදාළ ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව අවසන් තීරණය අද දින දක්වා කල් තැබුණා.

විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් අත්සන් කෙරුණු හැට නව ලක්ෂයේ පෙත්සම ඊයේ (09) මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබෙනවා.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් මෙම පෙත්සම අත්සන් කිරීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය දෙවැනිදා සිටයි.

ඔවුන් කොටුව දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් මහජන උපයෝගීතා කොමිසම වෙත පැමිණ ඊයේ (09) එය භාරදෙනු ලැබුවා.

කෙසේවෙතත් ස්ථාන දෙකකදී ඔවුන්ට පොලිස් නිලධාරීන්ගෙන් බාධා එල්ල වුණා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka