gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මුජිබර් රහුමන් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි! කතානායක සුබ පතයි (VIDEO)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මන්ත්‍රීවරයා අද(20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය ඉල්ලා අස්වීම දැනුම් දුන්නා. 
කොළඹ මහ නගර සභාවේ පුරපති ධූරයට තරඟ කිරීමට සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ඒ සඳහා සමගි ජන බලවේගයේ කත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ස්තූතිය පුද කරන බවද සඳහන් කළා.

කතානායකවරයා කියා සිටියේ මුළු පාර්ලිමේන්තුවේදී සුබ පැතුම් එක් කරන බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka