gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණයට දෙන්න සල්ලි නෑ - භාණ්ඩාගාර ලේකම් අධිකරණයට දිවුරුම් ප‍්‍රකාශයකින් දන්වයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් සොයා ගැනීම අතිශයින්ම දුෂ්කර වී ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. දිවුරුම් ප්‍රකාශයක් මගින් ඒ මහතා සඳහන් කර ඇත්තේ රජයේ මුදල් කළමනාකරණය ඉතා අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇති බවත් ඒ හේතුව මත පළාත් පාලන මැතිවරණ මුදල් සොයා ගැනීම අසීරු කාර්යයක් වී ඇති බවයි.

රජයේ සමස්ත මාසික ආදායම රුපියල් බිලියන 169ක සීමාවේ පවතින අතර රජයේ සේවක වැටුප්, විශ‍්‍රාම වැටුප්, සහනාධාර, පොහොර, ඖෂධ සඳහා මාසික වියදම රුපියල් බිලියන 145 ක් වැය වන බවද එමගින් පවසයි.

ඊට අමතරව රජය විසින් පොලී ගෙවීම්, ණය ගෙවීම් සහ ප්‍රාග්ධන වියදම් ද ඇතුළු තවත් විශාල වියදම් ප්‍රමාණයක් දැරිය යුතුව ඇති බවත් එම සියළු මාසික වියදම් පියවා ගැනීම සඳහා තවත් රුපියල් බිලියන 296 අවශ්‍ය බවද සඳහන් කර ඇත.

මේ තත්ත්වය මත පළාත් පාලන මැතිවරණයට මුදල් වියදම් කිරීමට මෙන්ම රජයේ මුදල් අත්‍යවශ්‍ය කාර්යයක් සඳහා යෙදවීම ද අතිශයින් ම දුෂ්කර වී ඇති බවත් සිරිවර්ධන මහතා තම දිවුරුම් ප්‍රකාශය මගින් දැනුම් දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka