අපි යුද්ධේ ඉවර කරපු ආණ්ඩුව... මේ ඡන්දයේදී අපට කිසිම අභියෝගයක් නෑ – මහින්දානන්ද
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු අභියෝගයක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
“අපට කිසිදු අභියෝගයක් නෑ, අපි වැඩ කරපු ආණ්ඩුවක්. යුද්ධය අවසන් කරපු ආණ්ඩුවක්, කොරෝනා වසංගතය අවසන් කරපු ආණ්ඩුවක්. වැඩ කරපු ආණ්ඩුවක්, කතාබහට විතරක් සීමා වෙච්ච ආණ්ඩුවක් නෙවෙයි. ඉතින් මැතිවරණයකදී ඕනෙ කෙනෙකුට කියන්න පුළුවන් දුර්වලයි කියලා, ඕනෙ කෙනෙකුට කියන්න පුළුවන් ශක්තිමත් කියලා. ඡන්ද ප්‍රතිඵල අහනකොට දැනගන්න පුළුවන් කවුද ශක්තිමත්, කවුද දුර්වල කියලා”
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.
අපි යුද්ධේ ඉවර කරපු ආණ්ඩුව... මේ ඡන්දයේදී අපට කිසිම අභියෝගයක් නෑ – මහින්දානන්ද
2023-01-23T08:12:00+05:30
Lanka Hot News