කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ ආධ්‍යාත්මික ශක්තියෙන් විවිධ කටයුතු සිදු කරන පුද්ගලයෙකු ලෙස හඳුන්වන ජානක බෝධිසත්වයන් ලෙස පෙනී සිටින පුද්ගලයා විසින් කෝටි තුන්සියයකට අධික මහා පරිමාණ මුදල් වංචාවක් සිදු කර ඇතැයි චෝදනා එල්ල වෙයි.
විහාරස්ථාන වල චෛත්‍යය සැදීමට බව පවසමින් මෙම මුදල් වංදා සිදුකර ඇති බව ‘දුක හඳුනන අපි’ සංවිධානයේ නිර්මාතෘ නිලන්ත රණසිංහ මහතා පවසයි.
ආරාමයකට බව පවසමින් ජනතාවගේ ඉඩම් ඔහුගේ නමට සහ ඔහුගේ පුත්‍රයාගේ නමට ලබා ගැනීමට කටයුතු කර ඇතැයිද නිලන්ත රණසිංහ මහතා හෙළි කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
