මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය මුදල මහාභාණ්ඩාගාරයෙන් ලබා නොදුනහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමසම තීන්දු කර ඇති බව අනාවරණය වේ.
මේ වනවිට මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා මහභාණ්ඩාගාරය වෙත ලිපියක් යොමු කොට ඇති අතර ඊට මුදල් නොමැති බවට පිළිතුරු ලිපියක් ලැබුණහොත් මෙම තීන්දුව ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
මැතිවරණය සදහා අවශ්‍ය මුදල් දැනටමත් ඉකුත් අයවැය ලේඛනය මගින් වෙන් කොට ඇති නිසා එම මුදල් ලබා නොදුනහොත් ව්‍යාජ සංඛ්‍යා ලේඛන සහිත අයවැයක් සම්මත කර ගෙන ඇති බවට වූ චෝදනාව යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය වී ඇති බවද දැනගන්නට තිබේ.