පාරිභෝගිකයා අපිට ගැහුවා... ඉතින් අපේ අයත් ගැහුවා - Housr Of Fashion නිවේදනයක්!
එමගින් ඔවුන් සඳහන් කර ඇත්තේ ගැටුමට මුල් වූ පාරිභෝගිකයා සිය වාහනය රථ ගාලේ නැවැත්වීම සම්බන්ධයෙන් ඇතිවූ මතබේදයක් මත මෙම අවාසනාවන්ත සිද්ධිය ඇති වූ බවයි.
ඔහු විසින් දිගින් දිගටම තම ආයතනයේ ආරක්ෂක ප්‍රධානියාට යටත් පහර දුන් බව ද එම නිවේදනයේ දැක්වෙයි.
පහර නොදෙනන ලෙස කල ඉල්ලීම නොතකා පාරිභෝගිකයා විසින් දිගින් දිගටම පහර දුන් නිසා තත්ත්වය උණුසුම් වූ බවද එය අවාසනාවන්ත තත්ත්වයක් බවද එම නිවේදනය කියාසිටියි.
තම ආයතනය සෑම විටම පාරිභෝගිකයාට උසස් තත්ත්වයේ සේවාවක් ලබාදීමට කැපවී සිටින බව ද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.
පාරිභෝගිකයා අපිට ගැහුවා... ඉතින් අපේ අයත් ගැහුවා - Housr Of Fashion නිවේදනයක්!
2023-01-23T15:43:00+05:30
Lanka Hot News







