gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

”ඔබතුමාට ව්‍යවස්ථාව ගැන දැනුමක් නැහැ'” – ජනපතිගෙන් ගෙවිඳුට සැර පිළිතුරක් (VIDEO)

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් පෙරේදා (26) සර්ව පාක්ෂික සමුළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා.

එහිදී ගෙවිඳු කුමාරතුංග මහතා ජනාධිපතිවරයාට පවසනුයේ , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වූයේ 69 ලක්ෂයක ජන වරමකින් බවත්, ඔහුව ජනතාව පත් කළේ 13 වැනි ව්‍යවස්ථාවේ රහිත ඇතැම් කරුණු අඩංගු නොවන නව ව්‍යවස්ථාවක් සැකසීමට බවයි.

එමෙන්ම හිටපු ජනපතිවරයාගේ ධුරයේ ඉතිරි වූ කාලය සඳහා පමණක් ජනපති ධුරය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිමිවී ඇති බවයි මන්ත්‍රී කුමාරතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

එවන් තත්ත්වයක් තුළ 13 ව්‍යවස්ථාව බලාත්මක කිරීමට මේ වනවිට ජන වරමක් පාර්ලිමේන්තුවේ නොමැති බව ද ජනාධිපතිවරයා වෙත ගෙවිඳු කුමාරතුංග මහතා විසින් පහදා දීමට උත්සාහ කරනු ලැබුවා.

ජනාධිපතිවරයා එහිදී මන්ත්‍රී ගෙවිඳුට පැවසුවේ, ඔහුට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි දැනුමක් නොමැති බවයි.

තමන් විධායකය මිසක් ව්‍යවස්ථාදායකය නොවන බවත්, තමන්ව පත් කිරීමේ දී සජිත්ට ඡන්දය දුන් පිරිස සේ ම ගෝඨාභයට ඡන්දය දුන් අය ද මනාපය දුන් බැවින් දෙපාර්ශ්වයේ ම වරම තමන් වෙත තිබෙන බවයි ජනාධිපතිවරයා මන්ත්‍රී ගෙවිඳු මහතාට මතක් කර සිටියේ.

ජනාධිපති වුව ද, කිසිදු නීතියක් සම්මත කිරීමේ බලය තමන් වෙත නොමැති බවත්, එය ක්‍රියාත්මක කිරීමේ බලයක් පමණක් ඇති බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

එහිදී ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාට පැවසුවේ මෙවැන්නක්..

”නෑ නෑ ඕන එකක් කියන්න..ව්‍යවස්ථාව ගැන නොව විධායක බලය විතරයි මට තියෙන්නෙ..ඔබතුමත් මං වගේ..ඔබතුමත් ආවෙ ලිස්ට් එකෙන්. මමත් ආවේ ලිස්ට් එකෙන්.අපි දෙන්නම එකයි. මොකක්ද වෙනස…?” යනුවෙන් යැයි ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුව මධ්‍යයේ ගෙවිඳු මන්ත්‍රීවරයාගෙන් සිනහ වෙමින් විමසා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka