හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා පක්ෂයේ තමන් දරු සියලු තනතුරුවලින් ද ඉවත්ව තිබේ.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කළේය.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කළේය.
නිදහස් පක්ෂයේ ඊයේ (ජන. 15) පස්වරුවේ පැවති සාකච්ඡාව අතරතුරදී ඊට අදාළ ලිපිය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබා දී ඇත.
මෑත කාලයේදී පක්ෂ නායකත්වය විසින් එහි ප්‍රගමනයට හේතුවන කිසිදු දේශපාලන තීන්දුවක් අත්‍යවශ්‍ය අවස්ථාවලදී නොගත් බව ෆයිසර් මුස්තාෆා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකළ ලිපියේ සඳහන් කර තිබේ.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන තීන්දු අත්තනෝමතික ලෙස වෙනස් කිරීම ත්, ස්ථීරසාර සහ ස්ථාවර ප්‍රතිපත්ති මත පිහිටා පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාවේ නොයෙදීමත් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාධරයෙකු ලෙස තමාට තවදුරටත් තනතුරු දැරීමට නොහැකි බව ත් ඔහු සඳහන් කර ඇත.
