අච්චාරු හෙලිකොප්ටරේට රට හදන්න බෑ... තරුණයින් සමග රට හදන්න මම ලේස්තියි – චන්ද්‍රිකා (VIDEO)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස ගොඩනැඟූ සන්ධානයට මේ රටේ ගැටලු විසඳිය හැකි යැයි තමා නොසිතන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩානායක පවසයි.
හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළේ, අන්ත ජාතිවාදීන් මෙන් ම ජාතිවාදයට එරෙහි කණ්ඩායම් ද එහි ඇති බවත් කොටසක් එකක් කියන විට අනික් අය තව එකක් කියන බවත් ය.
හෙලිකොප්ටරෙන් ගොස් රටේ බලය ඇල්ලිය හැකි යැයි සිතුව ද මෙතෙක් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක සඳහන් කළාය.
රට ගොඩනඟන සිය වැඩපිළිවෙළ පිළිගන්නා හොරකම් මැරකම් නොකරන තරුණයින් සමග එකතු වී දේශපාලන කටයුතු කරන බවයි, හිටපු ජනාධිපතිනිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
අච්චාරු හෙලිකොප්ටරේට රට හදන්න බෑ... තරුණයින් සමග රට හදන්න මම ලේස්තියි – චන්ද්‍රිකා (VIDEO)
2023-01-16T09:30:00+05:30
Lanka Hot News





