gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ අලුත් යෝජනාව!

යෝජිත පළාත් පාලන මැතිවරණය නිශ්චිත කාලයකට කල් දැමීමට මැතිවරණ කොමිසම එකඟ කර ගැනීම සඳහා වන යෝජනාවක් රජය විසින් සකස් කර ඇතැයි වාර්තා වේ. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන මැතිවරණය කල් දැමීමට අදාළ නඩුව කැඳවන මීළඟ දිනයේ මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇතැයි පැවසේ.

එම නඩුව මීළඟට කැඳවීමට ඇත්තේ පෙබරවාරි මස 10 වැනිදාය.

මුදල් අමාත්‍යංශයට මේ අවස්ථාවේ මැතිවරණයට අවශ්‍ය මුදල් සැපයීමේ අපහසුතාව, පොලිසියට මැතිවරණයේ ආරක්ෂාව සැපයීමේ අපහසුතාව, මැතිවරණයේදී ඉන්ධන හා සෙසු බලශක්ති සැපයීමේ අපහසුතාව, මැතිවරණ සීමා නිර්ණය කටයුතු මෙතෙක් හමාර නොවීම, මැතිවරණ වියදම් පාලන පනතේ රෙගුලාසි මේ දක්වා විධිමත්ව සකස් නොවීම, තරුණ නියෝජනය 30% ක් දක්වා ඉහළ නැංවීම ඇතුළු කාරණා රාශියක් මැතිවරණය කල් දැමීමට යෝජිත හේතු අතර වන බව සඳහන්ය.

රජයේ මෙම යෝජනාව විවෘත අධිකරණයේදී මැතිවරණ කොමිසමට ඉදිරිපත් කොට එම කොමිසමේද එකඟතාවෙන් නිශ්චිත කාලයකට මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටීමට අදහස් කරන බව පැවසේ.

මූලාශ්‍රය – දේශය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka