gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව කළුතරින් වැඩ අල්ලයි! ජන්දෙට ඇප මුදල් දෙන්න නාමල්, ජොනී, සනත් ‍එයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා පළමු වරට ඇපමුදල් තැනපත් කිරීම අද (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදු කර තිබෙනවා. 
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා 13 ක් සහ නගර සභා 4 ක් වශයෙන් පළාත් පාලන ආයතන 17 ක් වෙනුවෙන් මෙහිදී ඇපමුදල් තැනපත් කර තිබෙනවා.

ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයා ඇතුළු හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ වෙත පැමිණ ආශීර්වාද ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇප මුදල් තැන්පත් කළ බව අප වාර්තාකරු පැවසුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න, කාංචන ජයරත්න සහ හිටපු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka