පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට තනතුරු හා වරප්‍රසාද ලබාදෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව්වීම වැළැක්වීමේ අරමුණින් ද යන්න ගැන සැකයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.
පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා විශ්‍රාම යාමෙන් පසු එම තනතුරෙහි රාජකාරී ආවරණය කිරීම සඳහා නිලන්ත ජයවර්ධන මහතා පත්කිරීම හා ඔහුව එම තනතුරෙහි ස්ථිර කරන්නට කටයුතු කරමින් සිටීම ගැන මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමන් ඇතුළු කතෝලික සභාවේ අප්‍රසාදය පළ කරන බව ද පියතුමෝ සඳහන් කළහ.
වත්මන් රජය මෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් ආරක්‍ෂා කරන්නට හා ඒ පිටුපස තිබූ කුමන්ත්‍රණය සඟවන්නට උත්සාහ කිරීම එම ප්‍රහාරයේ වින්දිතයන්ට, සමස්ත කතෝලික ජනතාවට මෙන්ම රටේ යුක්තිය සාධාරණය අගය කරන ජනතාවට මෙන්ම පොලීසියට ද කළ අවමානයක් බව ද සිරිල් ගාමිණී පියතුමෝ කීහ.
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේදී ඊයේ (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.