gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ගෝඨාට අගමැතිකම කරන්න… රටේ ප්‍රශ්න විසඳන්නම්… විදේශ තානාපතියෙකුගෙන් යෝජනාවක්!

ජනතා විරෝධය මැද පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට අග්‍රමාතය තනතුර ලබා දීමට බලවත් විදේශ රාජ්‍යයක් සූක්ෂම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ රට පත්වු බංකොලොත් භාවයම ප්‍රයෝජනයට ගෙන මෙම මෙහෙයුම තීව්ර කිරීමට එම රාජ්‍යය නියෝජනය කරන ශ්‍රි ලංකා තානාපතිවරයා විසින් විවිධ ක්‍රමෝපාය යොදමින් සිටින බවත් වාර්තා වන අතර මෙරට බලපෑම් කළ හැකි මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු හමුවූ මෙම තානාපතිවරයා ගෝඨාභය රාජපක්ෂ අගමැති ධුරයට පත් කරන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය නොමැතිව ශ්‍රි ලංකාවට ආර්ථික අර්බුදය විසඳා ගැනීමට සහය දිය හැකි බවද සඳහන් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට විශාල ණය ප්‍රමාණයක් ලබා දී ඇති මෙම රාජ්‍යය මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියන 2.9ක විසතීරණ ණය පහසුකම ලබා ගැනීමේ පූර්ව සුදුසුකමක් වන ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා සිය එකඟතාව ලබා දී නොමැති රාජ්‍යයකි.

ඔවුන් මේ සඳහා වෙනත් විකල්ප වක්‍රව ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැති බවත් රටේ ආර්ථික අර්බුදය සමනය කිරීමට සිය රටේ ආධාර ලබා දිය හැකි බවත් එම හමුවේ දි තානාපතිවරයා සඳහන් කර ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අගමැති ධුරය ලබා දීම ඔවුන් අපේක්ෂා කරන බවද සඳහන් කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙක් පසුගියදා එම රාජ්‍යයට සහය පළ කරමින් පැවති කොළඹ දී පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීමට ද දැඩි වෙහෙසක් ගෙන ඇති බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka