gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෙලිකොප්ටරය කඩන්න බැසිල්-රනිල් සන්ධාන ගත වෙයි!

“නිදහස් ජනතා සන්ධානය” කඩා බිඳ දැමීමේ දැඩි උවමනාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වත්මන් රජය පරාජයට පත්වන බවත් “නිදහස් ජනතා සන්ධානය” මැතිවරණයෙන් පසු රජයට පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට කිසිදු අයුරකින් සහය නොදෙන බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේය.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සිටියේ “හිරු ටීවී” සලකුණ දේශපාලන වැඩසටහන හා එක් වෙමිනි.

ජනතාව ඉදිරියට යෑමට බිය ආණ්ඩුවට මැතිවරණය කල් දැමීම සඳහා විවිධ පිළිගත නොහැකි හේතු ඉදිරිපත් කරන බව පෙන්වා දුන් උදය ගම්මන්පිල මහතා මැතිවරණය සඳහා මුදල් නොමැති බවට රජය සිදු කරණ ප්‍රකාශද සාවද්‍ය බව පැවසීය.

ගිය වසරේ දිනකට රුපියල් බිලියන 3 බැගින් අච්චු ගැසූ ආණ්ඩුවට මැතිවරණය සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි බවත් මැතිවරණය සඳහා අවශ්‍ය වනුයේ එසේ මුද්‍රණය කරන ලද මුදල් වලින් දින 2 ක පමණ මුදලක් බවත් ගම්මන්පිල මහතා මේ දී හෙළිදරව් කළේය.

එසේම මැතිවරණ සඳහා මුදල් ලබා දෙන ජාත්‍යන්තර සංවිධාන ඇති බවත් එම සන්විධාන මගින් අවශ්‍ය නම් මැතිවරණය සඳහා මුදල් ආධාර ලබාගත හැකි බවත් ගම්මන්පිල මහතා පැවසීය.

මීට අමතරව වත්මන් දේශපාලන කරළියේ කරුණු රැසක් පිළිබදව ද පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී අදහස් දැක් වීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka