ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් අද (09) නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කෙරුණි.
ඇප තැන්පත් කිරීමේ අවස්ථාවට ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිීතිඥ සාගර කාරියවසම් ,කොළඹ දිස්ත්‍රික්කය නියෝජණය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන සරත් වීරසේකර ,මදුර විතාන ,ප්‍රදීප් උදුගොඩ , ජගත් කුමාර යන මහත්වරු ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් එක්වූහ.
අමත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය 2022.07.09 දින ගෝඨාභය රාජපක්ෂ මහතා අරගලය හමුවේ ධුරයෙන් ඉවත් ගිය දින රාත්‍රියේම තමා පොදුජන පෙරමුණෙන් හා සියළුම අමාත්‍යාංශ වලින් ඉල්ලා අස්වී ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියේය.
නමුත් අද දින බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඇප තැම්පත් කිරීම සදහා පැමිණ තිබිණි.
