gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හම්බන්තොට වරාය ගිවිසුමට විරුද්ධ වීම නිසා 2017දී මාව කැබිනට් එකෙන් පැන්නුවා! IMF සල්ලි පරක්කු වෙන්නෙත් හම්බන්තොට වරාය ගිවිසුම නිසා! ඇමැති විජයදාස මේ ගහන්නේ ජනාධිපති රනිල්ටද?

හම්බන්තොට වරාය ගිවිසුමට විරුද්ධ වීම නිසා 2017 වර්ෂයේදී තමාව අමාත්‍ය ධූරයෙන් පවා නෙරපා හැරිය බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම මෙතෙක් ප්‍රමාද වීමට හේතුව හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුම බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ චෝදනා කරයි.

එම ගිවිසුම නිසා ඉන්දියාව, චීනය, ඔස්ට්‍රේලියාව, ජපානය, අමෙරිකාව, බුරුමය, යුරෝපය ආදී රටවල් රැසක් ශ්‍රී ලංකාව සමග විරසක වූ බව ද ඇමතිවරයා සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාව සිටි කාලයකදී ජපානය සමග ඇති කර ගත් ශ්‍රී ලංකාවට හොඳ ප්‍රතිලාභ ලබාගත හැකි සැහැල්ලු දුම්රිය ගිවිසුමක් කිසිදු අධ්‍යයනයකින් තොරව අවලංගු කළ බවත්, මෙවැනි සිදුවීම් වලින් ශ්‍රී ලංකාව රටවල් රැසක් අමනාප කරගත් බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලැබුණත් මෙරට ආර්ථිකයේ ලොකු වෙනසක් කිරීමට නොහැකි නමුත් ලෝකයේ වෙනත් රටවලට මෙරට කෙරෙහි විශ්වාසයක් ඇතිකර ගැනීමට එය හේතුවන බවයි ඇමැතිවරයා පවසන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka