gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ඒක අවුරුදු 20කට කලින් කියන්න තිබුණා” – ජවිපෙ වෙනස ගැන විමල්ට හිත ගිහින්!

රජයේ නියාමනය ඇතිව පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට ජවිපෙ එකඟ බව අවුරුදු විස්සකට කලින් ප්‍රකාශ කළ යුතුව තිබූ බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ පසුගියදා රුවන්වැල්ල එන්. එම්. පෙරේරා අනුස්මරණ ශාලාවේදී පැවති උත්තර ලංකා සභාගයේ ‘කෑගල්ල සම්ප්‍රාප්තිය’ ජනතා සමුළුව අමතමින්. 
මන්ත්‍රීවරයා එහිදී මෙසේද ප්‍රකාශ කළා.

“අපි ඉන්නේ ඉතාමත් දුෂ්කර සහ භයානක ඉරණමක. මේ අනතුරුදායක වාතාවරණය වටහාගෙන එය පරාජයට පත් කරන්න සටන් වදින එකම බලවේගය උත්තර ලංකා සභාගයයි. මේ කතාව, සජිත් මහත්තයා ආවාට  කියන්නේ නැහැ. අනුර දිසානායක මහත්තයා ආවාට කියන්නේ නැහැ. ජවිපෙ දැන් හරි දියුණුයි. එයාලා කියනවා, ‘රජයේ නියාමනය ඇතිව අපි කැමතියි පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න’ කියලා. ඕක ඉතින් අවුරුදු විස්සකට විතර කලින් කිව්වානම් ඉවරයිනේ. ඒ කියන්නේ ‘ආණ්ඩුවක් ගත්තොත් අපි එහෙම කරනවා. වෙන එකෙකුටවත් එහෙම කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ’ කියන එකයි. ඒ නිසා කන්න ඕනේ වුණාම කබරගොයයි, තලගොයයි, මාරු කරගන්න දේශපාලනයට මේ තත්ත්වය විනිවිද දකින්න බැහැ.”

අපි මේ මහා පින්තූරය දකිමු. මේකට උත්තරය රට අරාජික, අස්ථාවර කිරීම නොවෙයි. අපි ආණ්ඩුවට කියනවා, ‘මේකට උත්තරය තමන්ට දෙන්න බැරිනම්, උත්තරය දෙන්න පුළුවන් පාලනතන්ත්‍රයක් පිහිටුවීම සඳහා ලබන වසරේ ජනාධිපතිවරණයකට යන්න’ කියලා. වික්‍රමසිංහ මහත්තයාට ලොකු ලොකු වැඩ කරන්න වරමක් නැහැ. එතුමා ඡන්දෙන් ආපු ජනාධිපති නොවෙයි, අඩුම තරමින් ඡන්දෙන් ආපු මන්ත්‍රීවත් නොවෙයි. එතුමා පත්කළ මන්ත්‍රී. පත්කළ මන්ත්‍රී, පත්කළ ජනාධිපති වුණාම, පත්කළ අරමුණට සරිලන දේ මිස ඊට වඩා ලොකු ලොකු දේවල්  කරන්න යන්න බැහැ. ජනවරම තිබුණේ ‘සෞභාග්‍යයේ දැක්මට’නේ. ගෝඨාභය රාජපක්ෂ දිනුවේ ‘සෞභාග්‍යයේ දෑක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාවට ඉදිරිපත් කරලා. ඒකේ ලියලා නැහැනේ, ‘විදුලිබල මණ්ඩලය 8ට කඩලා විකුණනවා’ කියලා. දැන් පත්කළ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොරොච්චෝලේ වෙනම විකුණන්න, ලක්ෂපාන වෙනම විකුණන්න, අනිත් ජල විදුලි බලාගාර වෙන වෙනම විකුණන්න හදනවා. ජනවරමේ නැති දේවල් කරන්න පත්කළ ජනපතිට කිසිදු වරමක් නැහැ. ඒ නිසා අපි කියනවා, ‘මේ රටේ උපායමාර්ගික වශයෙන් වැදගත් ආර්ථික මර්මස්ථානවලට අත තියන්න ලෑස්ති වෙන්න එපා වික්‍රමසිංහ මහත්තයෝ’ කියලා. මිනිස්සු බඩගින්නේ තමයි ඉන්නේ. නමුත් ඔවුන් බඩගින්නෙ ඉඳගෙන හරි රට  ගැන හිතනවා.ඒ මිනිස්සු ඉන්නකම් ඒ අපරාධය කරන්න බැහැ.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka