කුඩු රට වටේම යන්න සමහර දේශපාලකයන්ගේත් උසස් පොලිස් නිලධාරීන්ගේත් සහාය ලැබිලා! මහින්ද-සංගීත්-දුමින්ද කියපු කතාව අධිකරණ ඇමැති විජයදාස තහවුරු කරයි! (VIDEO)
මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට ඇතැම් දේශපාලනඥයින්ගේ මෙන්ම ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ගේ ද සහය ලැබී ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (27) ප්‍රකාශ කළ බව ‘මෝනින්ග්’ පුවත්පත වාර්තා කොට ඇත.
ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීමට නම් මත්ද්‍රව්‍ය ගෙන්වා මහා පරිමාණයෙන් බෙදාහරින පුද්ගලයන් මර්දනය කළ යුතු බවද ඒ මහතා කීය.
බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ පැවති බන්ධනාගාර රැඳවියන්ගේ නිර්මාණ කුසලතා ප්‍රදර්ශනය කිරීමේ “ශිල්ප 2022 සිර සර” කර්මාන්ත හා අලෙවි ප්‍රදර්ශනය විවෘත කරමින් ඔහු මේ අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවේ සියලුම බන්ධනාගාර රැඳවියන්ගෙන් 85%ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින බවත් 95%ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මහින්ද ජයසිංහ කළ හෙළිදරව්ව!
කුඩු රට වටේම යන්න සමහර දේශපාලකයන්ගේත් උසස් පොලිස් නිලධාරීන්ගේත් සහාය ලැබිලා! මහින්ද-සංගීත්-දුමින්ද කියපු කතාව අධිකරණ ඇමැති විජයදාස තහවුරු කරයි! (VIDEO)
2022-12-28T19:43:00+05:30
Lanka Hot News