ෂාෆ්ටර්ගේ සිද්ධියට පොලිස්පති මැදිහත් වෙයි! විමර්ශන කණ්ඩායම් 8ටම එන්න කියයි!
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සියලු කණ්ඩායම් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා හමුවට කැඳවා තිබේ.
ඒ, විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම ඇතුළු ඉදිරි තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහායි.

මෙම මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායම් 8 ක් විමර්ශන සඳහා යොදවා ඇත.
පොලීසිය පැවසුවේ, ඒ අතරට වෝහාරික විමර්ශන කණ්ඩායම්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළු අංශ අයත් බවයි.
අදාළ කණ්ඩායම්වල විමර්ශන නිලධාරීන් පොලිස්පතිවරයා සමග සාකච්ඡාවට කැඳවා තිබේ.
පොලීසිය පැවසුවේ, ඒ අතරට වෝහාරික විමර්ශන කණ්ඩායම්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළු අංශ අයත් බවයි.
අදාළ කණ්ඩායම්වල විමර්ශන නිලධාරීන් පොලිස්පතිවරයා සමග සාකච්ඡාවට කැඳවා තිබේ.
ෂාෆ්ටර්ගේ සිද්ධියට පොලිස්පති මැදිහත් වෙයි! විමර්ශන කණ්ඩායම් 8ටම එන්න කියයි!
2022-12-28T21:15:00+05:30
Lanka Hot News