ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගමන් කරන අයුරු සටහන්ව ඇති ආරක්ෂක කැමරා දර්ශන ඒ සම්බන්ධව විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් හෝ ආයතන වෙත ඉදිරිපත් කර වාර්තාවක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.
ඊට මුල් වී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී මේ වන විට ඉතා වැදගත් සාක්ෂියක් බවට පත්ව ඇත්තේ ආරක්ෂක කැමරා දර්ශන වන බැවිනි.
එක් ආරක්ෂක කැමරාවක සටහන්ව ඇති දර්ශන සමීප ඡායාරූපයක් මඟින් නිරීක්ෂණය කිරීමේදී ඒ තුළ සටහන්ව ඇති ඇතැම් සැක කටයුතු දෑ සම්බන්ධයෙන් තවමත් ප්‍රශ්නාර්ථයක් ඇති බැවින් ඒ ගැන විද්‍යාත්මක සාක්ෂයක් ලබා ගැනීම තුළින් සැකය නිරවුල් කර ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදහස් කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කරයි.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් විවිධ මත පළ වුවත් තවමත් එම අබිරහස විසඳා හමාර කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව නැත. පවතින සාක්ෂි විශ්ලේෂණය කරමින් විමර්ශන තවදුරටත් සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. දිනේෂ් ෂාෆ්ටර් මෝටර් රථයේ තිබී ඇඟිලි සටහන් 11ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් ඇඟිලි සලකුණු කාර්යාංශ නිලධාරීන් විසින් සොයා ගන්නා ලදි. එම ඇඟිලි සටහන් විශ්ලේෂණය කර ඒ සම්බන්ධ වාර්තාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විටත් ලබාදී තිබේ.
දිනේෂ් ෂාෆ්ටර් මහතා අපරාධයට ගොදුරු වීමෙන් පසු රෝහල් කරා රැගෙන ගිය සුසාන භූමි සේවකයාගේ සහ ඔහුගේ සහායකයාගේ ඇඟිලි සලකුණුද ඒ අතර වන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු සඳහන් කරන ආකාරය අනුව තවදුරටත් දුරකතන ජාල විශ්ලේෂණ ඇතුළු විමර්ශන කටයුතු සිදු වෙමින් ඇත. ඒ සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී අධිකරණය හමුවේ වාර්තා කිරීම කෙරෙහිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.
ගයාන් කුමාර වීරසිංහ