"විදුලි බිල නොගෙව්වත් අපි ලයිට් කපන්න එන්නේ නෑ.." - ලංවිම සේවකයින්ගෙන් දැඩි තීන්දුවක්!
රජය විසින් ඉහළ දමන ලද විදුලි ගාස්තු යටතේ විදුලි බිල් ගෙවාගත නොහැකි ජනතාවගේ නිවාස වල විදුලිය විසන්ධි කිරීමේ රාජකාරි වලට සහභාගි නොවීමට තීරණය කරන ලද බව ලංකා විදුලිබල වන්නේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ ජනවාරි මාසයේ සිට විදුලි බිල වැඩි කරන බවට විදුලිබල අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විදුලිබල වෘත්තිය සමිති විරෝධය පළ කරන බවයි.
කබලෙන් ලිපට වැටී සිටින ජනතාවට තව තවත් විදුලි බිල වැඩි කිරීම කිසිසේත්ම සාධාරණ නොවන බව ද ඔහු කියා සිටී.
රජය මේ ආකාරයෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත් කරමින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට තීරණය කළහොත් සමස්ත ජනතාව සමග එකතු වී එය පරාජය කිරීමට සෑම ක්‍රියා මාර්ගයක් ගන්නා බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
"විදුලි බිල නොගෙව්වත් අපි ලයිට් කපන්න එන්නේ නෑ.." - ලංවිම සේවකයින්ගෙන් දැඩි තීන්දුවක්!
2022-12-28T12:34:00+05:30
Lanka Hot News






