gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනමතයත් එක්ක ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා! කොමිසමත් ඉන්නේ ආණ්ඩුවත් එක්ක කුමන්ත්‍රණයක! ඡන්දෙ කල්දාන්න ලෑස්ති වුණොත් ඒක පරද්දන්න අපි සූදානම්! (VIDEO)

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කරගැනීමේ මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව කුමන උත්සාහයන් දරුවත් තමන් ඊට ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගයේ නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මන්ත්‍රීවරයා පවසනවා. මේ මොහොතේ මේ රටේ ඇත්ත ජනමතය ප්‍රකාශයට පත්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම සූක්‍ෂමව ක්‍රියාත්මක කරමින් සිටින බවයි ඔහු කියන්නේ.

“පළාත් පාලන අලුත් ආයතන 2022 මාර්තු 20 වන විට පිහිටුවිය යුතුව තිබුණා. නමුත් විෂය බාර ඇමතිවරයාට පැවරී තිබෙන බලතල උපයෝගී කරගෙන ආයතනවල කාලය තවත් අවුරුද්දකින් දීර්ඝ කළා. මේ පවතින පළාත් පාලන ආයතනවල වලංගු කාලය අවුරුදු 04ක් වුණත් දැන් අවුරුදු 05ක් සම්පූර්ණ වී තිබෙනවා. මේ නිසා ජනතාවට තමන්ගේ නියෝජිතයන් පළාත් පාලන ආයතනවලට පත්කර ගැනීමේ අවස්ථාව නොදී කල් දාන්න විවිධ උපක්‍රම ආණ්ඩුවෙන් අනුගමනය කරමින් සිටිනවා.

මේ මොහොතේ මේ රටේ ඇත්ත ජනමතය ප්‍රකාශයට පත්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම සූක්‍ෂමව ක්‍රියාත්මක කරමින් සිටිනවා.

එයට අමතරව පාලකයන් තවත් ගැටලුවකට මුහුණ දෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති සහ පොහොට්ටුවේ ආණ්ඩුව වෙන වෙනම තරග කරනවාද, සන්ධානයක් ලෙස එකට තරග කරනවාද යන ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා. ඒ නිසා මැතිවරණය කල් දාන්න ඔවුන් දිගටම උත්සාහ කරනවා. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය පසුගිය සැප්තැම්බර් 20වැනිදා මැතිවරණ කොමිසමට ලැබුණා. නාමයෝජනා කැඳවා ඉන් පසුව මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත්කර ලබන මාර්තු 20වැනි දිනට පෙර පළාත් පාලන ආයතන පිහිටුවා රැස්විය යුතු බව මැතිවරණ කොමිසම දන්නවා. මේ නිසා කොමිසම පැත්තෙන් උපරිම කල් දැමිය හැකි දිනය ජනවාරි 09වැනිදා. පුංචිහේවාත් මැතිවරණ කොමිසමත් මැතිවරණය පැවැත්වීමේ දිනය ජනවාරි 09වැනිදා ප්‍රකාශයට පත්කරන්නේ සද්භාවයෙන් නොවේ; ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් මැතිවරණය කල් දැමීමේ කවර හෝ අවස්ථාවක් අවසාන මොහොත දක්වා ලබාදීමටයි.

ජනවාරි 05වැනිදා මැතිවරණ පවත්වන දිනය ප්‍රකාශයට පත්කරන බව මීට පෙර නිවේදනය කර තිබුණා. අන්තිම දිනය දක්වා රනිල්ටත් මේ ආණ්ඩුවටත් මැතිවරණය කල් දැමීමට අදාළ ඕනෑම කුමන්ත්‍රණයක් දියත් කිරීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

සීමා නිර්ණය, මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩු කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වැනි විවිධ නීතිමය උපක්‍රම මැතිවරණය කල් දමා ගැනීමට යොදාගන්න උත්සාහ කළා. ඒ තුළින් කොමිසම බිත්තියට හේත්තු වීම දක්වා ඇවිත් තිබෙනවා. නැවත කල් දැමීමක් කරන්න බැහැ. නමුත් නාම යෝජනා බාරගෙන ඡන්දය කල් දැමීමේ උත්සාහයක් ගැන නැවත කසුකුසුවක් යනවා. ජනතාවගේ ජනමතය එක්ක විවිධාකාරයේ ගේම්, සූදු, සෙල්ලම් කරන්න ලැහැස්ති වෙන්න එපා කියලා රනිල් වික්‍රමසිංහටත් ආණ්ඩුවටත් අපි අවධාරණය කරනවා.

ජනතාවගේ නියෝජිතයන් පත්කර ගැනීමේ අවස්ථාව අහුරන්න මෙවැනි නායකයෙකුට අපි කිසි සේත්ම ඉඩ නොදෙන බව සහතික කරනවා” යි පළාත් පාලන ඡන්දය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රකාශ කරනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka