අබිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇති ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැුල්ල කනත්තේ මෝටර් රථය තුළින් සොයාගන්නා අවස්ථාවට ආසන්න කාලයේදී එම ස්ථානයෙන් ගමන්ගත් බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් සුසාන භූමියේ සේවකයෙක් ලබාදුන් ප්‍රකාශයක් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
අදාල සේවකයා පවසා ඇත්තේ මෝටර් රථය අසළ රැඳී සිටි එම පුද්ගලයාල සිහින් උස පුද්ගලයෙකු බවත් ඔහු මෝටර් රථය අසළ සිට සුසාන භූමියේ පසුපස ආදාහනාගාරය දෙසට ගිය බවත්ය.
එම තැනැත්තා යළි දුටුවහොත් හදුනාගත හැකි බවත් සේයකයා සදහන් කර ඇත.
ෂාෆ්ටර් මෝටර් රථය තුළ සුසාන භූමියේ සිටිනු දැක ඇත්තේ එම ස්ථානයට පළමුව ගිය ඔහුගේ සමීපතම විධායක නිලධාරියකු වන ක්‍රිෂ් පෙරේරා සහ සුසාන භූමියේ සේවකයන් දෙදෙනෙකි.
පරීක්ෂණ අංශ සැක කරන්නේ ඒ මොහොතේ මෝටර් රථය අසලින් ඉවත්ව ගියේ ඝාතකයා විය හැකි බවටයි.