gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මෙහෙම කතා විදේශිකයෙකුගෙන් අහන්න වීම ගැන ලජ්ජා වෙන්න…" - රාජ්‍ය ඇමති අනූප පැස්කුවෙල් කොරියාවෙන් කන් පිරෙන්න අහගනී!

ශ්‍රි ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ සහය ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  ඊයේ (21) සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයට පැමිණි කොරියානු ආපදා සහන පදනමේ සභාපතිවරයා රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව විනාඩි 30ක් ප්‍රමාද වීම හේතුවෙන්  අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

මෙම රැස්වීම විනාඩි 30ක් ප්‍රමාද කිරීම පිළිබඳව ලජ්ජා විය යුතු බවත් බවත් රජයේ නිලධාරීන් සහ ඇමතිවරුන් මීට වඩා වගකීමකින් වැඩ කළ යුතු බවත් ඔහු අවධාරණය කරමින් සිය නොසතුට පළ කළ බව වාර්තා වේ.

සු චෝ ලි   සිය අදහස් දැක්වීම කොරියානු භාෂාවෙන් සිදු කළ අතර එය පරිවර්තකයකු විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී. එහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රමාදයක් දකුණු කොරියාවේ සිදු වූයේ නම් එවැනි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පවා ඉඩ තිබුණා යනුවෙනි

“අපේ රටේ රැස්වීමකට විනාඩියක් පරක්කු වුණා නම් ඉවරයි. ඒක ලජ්ජා විය යුතු දෙයක්. ශ්‍රි ලංකාවේ ඒක අතිශය සාමාන්‍ය දෙයක් වෙලා. බොරු කීම බොරු පොරොන්දු දීම සාමාන්‍ය දෙයක් වෙලා. විදේශිකයෙක් ඇවිත් මේ දේ ශ්‍රි ලංකාව ගැන කීම පිළිබඳ ජාතියක් ලෙස ඔබ ලජ්ජා විය යුතුයි. දැන් මේ තත්ත්වය ඔබේ සංස්කෘතියක් බවට පත් වෙලා. මේක වෙනස් කර ගන්න බැරිවුනොත් බිස්නස් ඉවරයි. විදේශ සම්බන්ධතා ඉවරයි. මෙම් තත්ත්වය වෙනස් විය යුතුයි.“

“තවත් ඉතාම වැදගත් කාරණාවක් තමයි අප ඉතාමත් අවංකව සාධාරණ ව වැඩ කරන්න ඕන. අප සත්‍යවාදී විය යුතුයි.“

“ඊළග කාරණාව තමයි තමන්ට යම් යුතුකමක් වගකීමක් පැවරී තිබෙනවා නම් ඒ වගකීම සියයට සියයක් අවංකව නිවැරදිව කළ යුතුයි. යම් කිසි වැඩක් බාර දුන්න නම් නම් ඒකට වගකියන්න අප දැන ගත යුතුයි. අපිට වෙලා තිබෙන්නේ ඒ පිළිබඳව වගකීමක් අපි බාර ගන්නේ නෑ. එවැනි වෙලාවක නිදහසට කරුණු කීම සාධාරනීකරණය කිරීම අපි සාමාන්‍ය දෙයක් කරගෙන. මට යම් වගකීමක් දීල තිබෙනවා නම් මගේ ජීවිතය කැප කරල හරි ඒක රක්ෂා කරන්න වැඩ කළ යුතුයි.“

“ශ්‍රි ලංකාවෙන් කොරියාවට ගිය සමහර තරුණයන් වැඩ කරන්නෙත් එහෙමයි. ඔවුන් වැඩ කරන තැන ප්‍රධානියා ඉන්නකොට යටහත් පහත්ව වැඩ කරනවා. ඔහු එතනින් ගිය ගමන් ඔහේ ඉන්නවා. එහෙම අය අප ඉවත් කරනවා. ශ්‍රි ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ඉන්නේ රජවරු වගේ. මේ රටේ ආකල්ප වෙනස් විය යුතුයි. ඒ සඳහා මේ රට් අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි.“

“එබැවින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ සහ මිනිසුන්ගේ චින්තන රටාවේ වෙනසක් සිදුවිය යුතුයි” ලී වැඩිදුරටත් පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka