gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව පරාදයි – සජබ, ශ්‍රීලනිප, ජවිපෙ එකතු වෙයි

පදවිය ප්‍රාදේශීය සභාව විසින් 2023 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අය-වැය යෝජනාව වැඩි ඡන්ද දෙකකින් පරාජය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රිවරු කටයුතු කළා. 
පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පදවිය ප්‍රාදේශීය සභාවේ පුරා වසර 05 කාලයක් සභාපති ලෙස තේරි පත්ව සිටි මහින්ද නිශ්ශංක ඊයේ (14) උදෑසන 10.00ට නව සභා වාරය ආරම්භ කළා.

අනතුරුව 2023 වර්ෂය සඳහා පදවිය ප්‍රාදේශීය සභාවේ අය-වැය යෝජනාවලිය පළමු වර කියවීම සිදුකෙරුණා.

එහිදී සමගි ජන බලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් සභාවේ ආදායම්වල වර්ධනයක් සිදුව නොමැති බවත් සංවර්ධන කටයුතු විධිමත්ව සිදුවී නොමැති බවත් හා බිම් මට්ටමින් සභාවෙන් ලැබිය යුතු ප්‍රතිලාභ ග්‍රාමීය ජනයාට නෙලැබී ඇති බවත් ප්‍රකාශ කරමින් අය-වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව එ.ජා.ප. විපක්‍ෂ නායකත්වය දැරූ මන්ත්‍රි අයි.ජී. සුසිත් චමින්ද ගුරුගේ, මන්ත්‍රිනි එස්.එම්. ආරියලතා හා මන්ත්‍රිනි ඩබ්ලිව්.ජී. දිස්නා සංජීවනී, ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රි සුමිත් කොබ්බෑකඩුව, මන්ත්‍රි සෙනෙවිරත්න බන්ඩාර සහ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රි ඩබ්ලිව්. කුෂාන් සංජීව, එස්. සුගත් කුමාර සිරිපාල අය-වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රිනි කලානි රජසිංහ හා මන්ත්‍රි චන්දන ප්‍රේමතිලක ස්වාධීනව සිටිමටද තීරණය කර තිබෙනවා.

ඒ අනුව අය-වැයට පක්‍ෂව ඡන්ද 5ක්ද, විපක්‍ෂව ඡන්ද 07ක් හා ස්වාධීන ඡන්ද 02ක් ලෙස සභාවේ ඡන්දය සටහන් වූ බව වාර්තා වෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka