gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාලි හා බෞද්ධ සරසවියේ අමානුෂික නවවදය ගැන ශිෂ්‍ය හිමිනමකගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්!

රජයේ විශ්වවිද්‍යාලවලදී නවක සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදුවන නවකවදය මේ වන විට සරසවි පද්ධතියේ බරපතළ ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

එවන් පසුබිමක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලාට ද එම ඉරණමට මුහුණපාන්නට සිදුව ඇති බව  වාර්තා වෙනවා. 
තොරතුරු හෙළිකළ භික්ෂුව සඳහන් කළේ මේ පිටුපස වාමාංශික දේශපාලන පක්ෂ දෙකක් සිටින බවයි.

වක සිසුන්ව නිරුවත් කරමින් ලිංගික අඩත්තේට්ටම් කිරීමට පවා ජෙෂ්ඨ සිසුන් ක්‍රියාකරන බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.

ඊට මුහුණ පෑ පළමු වසරේ ශිෂ්‍ය හිමිනමක් සිය අද්දැකීම් මෙලෙස අනාවරණය කළා.

“හරියට වධකාගාරයක් හා සමාන තැනක් තමයි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය කියන්නේ. එහෙම කියන්න ප්‍රධාන හේතුව තමයි විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය ඇතුළේ අමානුෂික විදියට නවක ශිෂ්‍යයන්ට නවක වධයට යොමු කරගන්නවා. මේකේ තියෙනවා ගංජා, කුඩු, අයිස්, අරක්කු මේ හැමදෙයක්ම මේ විශ්වවිද්‍යාලය තුළ තියෙනවා. නේවාසිකාගාරවල අපිව දණ ගස්සලා තිබ්බා. අපිව බඩ ගෑවෙව්වා. මේකෙ තියෙනවා අපාය කියලා එකක් වවුලා ගහනවා කියලා එකක් තියෙනවා. අමානුෂිකම ක්‍රියාවන් තමයි ජේෂ්ඨ ශිෂ්‍යයන් විසින් නවක සිසුන්ට නිරුවත් කරලා ලිංගික අඩත්තේට්ටම් කරනවා. හැමකෙනෙකුටම මත්ද්‍රව්‍ය පානය කරන්න බලහත්කාරකම් කරනවා. මේකේ වගකිව යුතු කෙනා තමයි ශිෂ්‍ය සංගමයේ සභාපති. මේ කට්ටිය නේවාසිකාගාරය ඇතුළට ශිෂ්‍ය යද්දි කියන්නේ මේකෙ ඇතුළේ හාමුදුරුවරු කවුරුත් නැහැ. බැරිවෙලාවත් මේ කාරණය එළියට ගියොත් තොපි මරලා හංගනවා කියන තර්ජනය තමයි ශිෂ්‍යයන්ට සිද්ධ කරන්නේ. හඩපට තියෙනවා අපි ළග. මේ විශ්වවිද්‍යාලයට තදින්ම දේශපාලනික අතපෙවීමක් තිබෙනවා. විශේෂයින්ම වාමාංශික පක්ෂ කිහිපයක් දැඩිව්ම ක්‍රියාත්මක වෙනවා. ඒ අයගේ අදහස් සිතුම් පැතුම් ඒ සියල්ලක්ම මේ විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වෙනවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka