රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය පත් කරගැනීමේ පුරෝගාමී කටයුත්තක් ඉටු කරමින් පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමේ දී මන්ත්‍රීවරු 34කගේ ඡන්දය රනිල්ට ලබා දීමට මැදිහත්ව ක්‍රියා කළ වත්මන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඇතැම් තීන්දු පිළිබඳව දැඩි කලකිරීමට පත් වී සිටින බවත් ඒ හේතුවෙන්ම සිය තනතුරු අත්හැරීමට ගත් තීන්දුව වැළකී ගියේ අවසන් මොහොතේ දී බවත් විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
සිය ඉල්ලා අස්වීම භාර දී තනතුරුවලින් ඉවත්වී යෑම සඳහා ඇමතිවරයා ගත් උත්සාහය වැළකී ඇත්තේ දැනට අමාත්‍ය උපදේශකවරයෙක් වූ සුදත් චන්ද්‍රසේකරගේ මැදිහත්වීම නිසා බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ආරංචි මාර්ග හෙළි කළේය.
මෙම ගැටුමට ප්‍රධානම හේතුව වී ඇත්තේ තමන් යටතේ ඇති මහවැලි අමාත්‍යාංශයේ කටයුුතු සඳහා විපක්ෂ මන්ත්‍රී රෝහිණී කවිරත්න අනවශ්‍ය ලෙස මැදිහත්වීමත් කුමණ හෝ හේතුවක් නිසා ජනාධිපතිවරයා තමන් වෙනුවෙන් ශක්තිය සැපයූ ඇමතිවරයා අපහසුතාවයට පත් කර රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටීමත් බව අනාවරණය වී ඇත.
පවතින අර්බුදය තවමත් විසඳී නැති බවත් ජනාධිපතිවරයාගේ අමුතු රැකවරණය මෙවර රෝහිණී කවිරත්නට ලැබී ඇත්තේ ඇය ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින නිසා බවත් එම ආරංචි මාර්ග පවසයි.
- lankasara
