gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවට තනි ගමනක් බෑ! ඡන්දෙට කලින් පොහොට්ටුව කැඳවූ වාර්තාවෙන් සියල්ල හෙළිවෙයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට භාරදී තිබෙනවා. 
කමිටු සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රීනි සන්ධ්‍යා සිරිවර්ධන හා ආනන්ද හරිස්චන්ද්‍ර මෙම වාර්තාව ඊයේ (20) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දි ඇමතිවරයාට බාර දී තිබුණා.

මෙම කමිටුව පත් කෙරුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි. එම සාකච්ඡාව පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ මතය අහඹු ලෙස විමසා ඔවුන් මුහුණ දෙන ගැටළු සහ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වාර්තාවක් සැකසීම මෙම කමිටුවට පැවරුණු වගකීමයි.

කමිටුව පසුගිය දින දෙක තූළ රැස් වි අදාළ වාර්තාව සකස් කර තිබුණා.

ඉදිරි මැතිවරණයේ දි පොහොට්ටුව සන්ධානයකින් තරඟ කළ යුතු බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව සම්බන්ධ කරගත යුතු බවත් කමිටුවේ මතය වී තිබෙනවා.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි සඳහන් කළේ කමිටු වාර්තාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට ඉදිරිපත් කරන බවයි.

දැනටමත් පක්ෂ අටක් සමඟ සන්ධානගත වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා ආරම්භ කර ඇතැයි පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉතා කඩිනමින් එම සාකච්ඡා අවසන් කර නව සන්ධානය ප්‍රකාශයට පත්කරන බව ද කියා සිටියා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී වෙනත් පක්ෂ වලින් ඉදිරිපත් වී පොහොට්ටුව ළකුණින් තරඟ කර ජයග්‍රහණය කළ පළාත් පාලන නියෝජිතයින් රැසක් මෙවර පොහොට්ටුවෙන් ඉදිරිපත් වීමට ඉල්ලා ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා. ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළා.

බහුතරයක මතය වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තරඟ කළ යුතු බවයි.

ඒ අනුව ඉදිරි සාකච්ඡා සිදු කෙරෙන බව ද ඔහු කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka