gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැය 10ක් විදුලිය කපනවා කී විදුලි ඉංජිනේරු සංමයේ සභාපතිට උපරිම විනය ක්‍රියාමාර්ග ගන්න බව ඇමති කියයි

2023 වසරේ සිට දෛනිකව පැය 10ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බව ඊයේ මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ කළ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාට එරෙහිව පුලුවන් උපරිමයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග සහ නීතිමය ක්‍රියාමාර්ග  ගන්නා බව විදුලිබල ඇමති කාංචන විජේසේකර පවසයි.

අද (21)  විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා  සඳහන් කළේ විදුලි ඉංජිනේරු සංගමය වෘත්තීය සමිතියක් වුවත් ඊට ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කටයුතු කළ නොහැකි බවය.

විදුලි උත්පාදනයට ගල්අඟුරු සපයාගැනීමේ දී පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ මෙගා වොට් 300ක් පද්ධතියට අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ  පෙන්වා දුන්නේය.

ඊට පිළිතුරු දෙමින් මාධ්‍ය හමුවක් කැඳවූ බලශක්ති ඇමති කාංචන විජේසේකර කීවේ මෙම ප්‍රකාශය කළ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාට එරෙහිව නීතිපති උපදෙස් සහිතව හැකි උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙස විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවය.

ඇමතිවරයා මෙසේ  ද පැවසුවේය.

“ඊයේ සවස ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා විසින්  නොරොච්චෝලෙ බලාගාරයේ  පද්ධති තුනම  ජනවාරි මාසයේ පළමු සතියේ දී වසා දමන බවටත්, පැය 10 -12ක විදුලි කප්පාදුවකට අනිවාර්යයෙන්ම යන බවටත් කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්.“

“එළඹෙන අවුරුද්දෙ අපේ සැලසුම ඇතුළෙ අවස්ථා තුනක් තියනවා ගල් අඟුරු බලාගාරය අපි නඩත්තු කටයුතු නිසා වහන. එක යුනිට් එකක් මැයි මාසෙ ඉඳලා දින 180ක කාලයක් වසා දමා නඩත්තු කටයුතු කරන්න යෝජනා වෙලා තිබුණා. මේවා නඩත්තු කටයුතු  සඳහා වසා දැමීමට තීරණය කරද්දි ඉන් උත්පාදනය කරන විදුලිය වෙනුවෙන් වෙනත් විකල්ප බලාගාරවලට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි කැලණිතිස්ස සපුගස්කන්ද අතුළු  අනෙකුත් බලාගාර පාවිච්චි කරන්නෙ. “

“බලාගාර තුනේම කටයුුතු එකවර නතර කරන්න කිසිලෙසකින්වත් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. එහෙම අවශ්‍යතාවයක් ඇතිවෙන්නෙත් නෑ. එය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්. “

“ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා විදිහට කළ ඒ බරපතල අසත්‍ය ප්‍රකාශයට එරෙහිව අමත්‍යාංශය හැටියට නිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඊයේ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් දුන්නා  අමාත්‍යාංශ ලේකම්වරයාටත් උපදෙස් දුන්නා නීතිපතිවරයාගේ පවා උපදෙස් අරගෙන ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න… පුලුවන් උපරිම විනයානුකූල සහ නීත්‍යානුකූල පියවර ගන්න කියන එක. “

“මොකද මේකෙ විනයක් තිබිය යුතුයි වෘත්තීය සමිතියක් වුනත්… වෘත්තීය සමිතියක් වුනත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කටයුතු කළ නොහැකියි. “

ඇමතිවරයාගේ මෙම ළදරු ප්‍රකාශයට පිළිතුර හෙට නොරොච්චෝල විදුලි බලාගාරය ඉදිරිපට පැවැත්වෙන විරෝධතාවයේ දී ලබා දීමට කටයුතු කරන බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka