මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා විසින් වරින් වර ස්ථාවරයන් වෙනස් කිරීම හේතුවෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර යම් මත්භේදකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
පසුගිය අගහරුවාදා පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ කටයුතු ආරම්භ කරන ලෙස කොමිසමේ නිලධාරීන්ට දැනුම් දී ඇති අතර පසුව පසුවරුවේ එම කටයූතු ආරම්භ කිරීමට හදිසි නොවන ලෙස දැනුම් දී ඇති බව පැවසේ.
නමුත් ඊට විරෝධය පළ කොට ඇති කොමිසමේ අනෙකුත් නිලධාරීන්, ආරම්භ කළ කටයුතු ඉදිරියට කරගෙන යා යුතු බවත්, මැතිවරණ කොමිසම ඇත්තේ මැතිවරණ පැවැත්වීමට බවත්, දැන් මැතිවරණය නැවැත්විය හැක්කේ අධිකරණයට පමණක් බවත් දැනුම් දී තිබේ.
ඒ අනුව ඔවුන් පොහොය දිනය යෙදී තිබුණු බදාදා දිනද මැතිවරණ කටයුතු සිදු කොට ඇති බව වාර්තා වේ