“අපි අලියත් ගත්තා... හෙණ්ඩුවත් ගත්තා” – ආණ්ඩුවට එන සජබ ලැයිස්තුව රෝහිත හෙළි කරයි! තලතාගේ නමත් ඒ අතර!
කරඬුව ගෙන යන ජාතියේ හොඳ අලි ඉදිරියේදී මේ පැත්තට පෝලිමේ එන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබෙිගුණවර්ධන මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
“අලිය ගන්නකොට හෙණ්ඩුවත් ගන්න ඕන. අපි අලියත් ගත්ත. හෙණ්ඩුවත් ගත්ත. තව අලි පෝලිමෙි එනවා. උඩවලවෙ ඉන්න හිඟන අලි නෙමෙයි. කරඬුව ගෙන යන ජාතියෙ හොඳ අලි ඉන්නවා. තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකීර් මාකර්, තලතා අතුකෝරල වගේ අය හොඳ අලි, ඇතින්නියෝ ඉන්නවා. හෙණ්ඩුව මෙහෙ නිසා ඒ අයත් පාලනය කරගෙන ඉන්න පුළුවන්” යනුවෙන් ද රෝහිත අබෙිගුණවර්ධන මහතා කියා සිටියා.
“අපි අලියත් ගත්තා... හෙණ්ඩුවත් ගත්තා” – ආණ්ඩුවට එන සජබ ලැයිස්තුව රෝහිත හෙළි කරයි! තලතාගේ නමත් ඒ අතර!
2022-12-06T08:17:00+05:30
Lanka Hot News






