gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත් ඇමතිවරුන්ට බාලගිරි දෝෂය! පොහොට්ටුවේ ලැයිස්තුවට නම් 12ක්!

නව අමාත්‍යවරුන් පත් පත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් කෝටි 290 ක ණය මුදලක් ලබාදීමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් අලුතින් අමාත්‍යවරුන් පත්කිරීම ඉන්පසුව සිදු වනු ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටියා. 
කැබිනට් මණ්ඩලය සඳහා අලුතින් ඇමතිවරුන් 12 දෙනකු පත් කිරීමට අදාළ ලැයිස්තුවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස කිහිපයකට ඉහත දී යවනු ලැබූ නමුත්, ඇමතිවරුන් පත් කිරීම දිගින් දිගටම කල් ගියා.

අලුතින් ඇමතිවරුන් පත් කිරීම අයවැය සම්මත වීමෙන් අනතුරුව සිදු කෙරෙනු ඇතැයි ද ආරංචි පැතිර ගිය නමුත් එය ද තවදුරටත් කල් යනු ඇති.

කැබිනට් මණ්ඩලය මේ වන විට 18 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තවත් ඇමතිවරුන් 12 දෙනකු පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව ඇමතිවරුන් 12දෙනකු අලුතින් පත් කිරීම ලබන ජනවාරි මාසයෙන් පසුව සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද දැනගන්නට තිබෙනවා.

කැබිනට් මණ්ඩලය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන, කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්, ඒ එල් එම් අතාවුල්ලා යන මන්ත්‍රීවරුන්ට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයකුද පත්කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග පැවසුවා.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉතිරි පිරිස පත්කරනු ඇතැයි දැනගන්නට තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka